රාමඤ්ඤ මහ නිකායේ මහනායක හිමියන් බැහැදැක ගත් ජනපති රනිල්!

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 27, කොළඹ (LNW):

රාමාඤ්ඤ නිකායේ මහා නායක අග්‍රමහා පණ්ඩිත අති පූජ්‍ය මකුළෑවේ විමල නාහිමිපාණන් වහන්සේ බැහැ දැක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආශිර්වාද ලබාගත් බව පැවසේ.

නාරහේන්පිට පිහිටි රාමාඤ්ඤ නිකායේ මූලස්ථානය වෙත පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම නිකායේ මහානාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ නිකායික මහා සංඝරත්නය බැහැදැක ආශිර්වාද ලබාගත් අතර, මහා සංඝරත්නය සෙත් පිරිත් සඡ්ඣායනා කර ජනාධිපතිවරයාගේ ඉදිරි කටයුතු වෙනුවෙන් සිය ආශිර්වාදය පලකළ බව සඳහන් වේ.

මහානාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය සමග කෙටි පිළිසදරකට එක්වු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රටේ ආර්ථික ප්‍රකෘතිමත් භාවය පිළිබද මෙන්ම ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් ද උන්වහන්සේ දැනුවත් කර ඇත.

පිරිවෙන් අධ්‍යාපනය ආශ්‍රිතව මතුව ඇති ගැටලු,  පූජා භූමි වලට අදාල ඉඩම් ගැටලු සම්බන්ධයෙන්ද මෙහිදි අවධානය යොමු කෙරුණු අතර, උතුරු නැගෙනහිර පළාත් වල සංවර්ධනයට අදාලව ද්‍රවිඩ මන්ත්‍රිවරුන් සමග කල සාකච්ජා සම්බන්ධයෙන්ද ජනාධිපතිවරයා මහානාහිමිපාණන් වහන්සේ දැනුවත් කළ බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වේගයට මඟ පෙන්වන්න මාලිංගට කෙටි කාලීන පත්විමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය,...

චනිත්මා හඬින් පමණක් නොවන වැඩෙනුත් හැඬ පෙන්වයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ ස්කෝෂ්...

2026 නව වසර උදා වූ රටවල්…

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ LNW : ලොව පුරා රටවල්...

ශ්‍රී ලාංකේය ගායන වංශකතාවේ සදාකාලික ‘රැජිණියනි’ හීන හතක් මැද ඔබ තැනු විමනේ සුවසේ නිදන්න !

සටහන : සශිකලා මධුෂාණි ශ්‍රී ලාංකේය ගායන ක්ෂේත්‍රය බැබලවූ...