සටහන – රෂිකා හෙන්නායක
කොළඹ (LNW): ඉඩම් බලපත්‍රයක් ලබා දෙන බව පවසමින් රුපියල් 25,000 ක අල්ලස් මුදලක් ලබා ගැනීමේ චෝදනා මත සැකකරු අත්අඩංගුවට ගැනුණු , පදවිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉඩම් නිලධාරියා ලබන 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
ඔහු ඊයේ කැබිතිගොල්ලෑව වැඩබලන මහේස්ත්‍රාත් තුෂාරි විජයනායක මහත්මිය හමුවට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු අතර , ලබන 09 වැනිදාට ඔහු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කරන්නැයි ද අතිරේක මහේස්ත්‍රාත්වරිය අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කර ඇතිබව වාර්තා වේ.
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??