සජිත්ගේ කකුලෙන් අදින්නේ නැතුව විශ්‍රාම ගන්න – සජබ හර්ෂණ රනිල්ගෙන් ඉල්ලයි!

Date:

කොළඹ LNW:ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන්නේ සජිත් ප්‍රේමදාස මහතා වන අතර ඔහුට බාධා නොකර රනිල් වික්‍රමසිංහ මහතා ගෞරවාන්විතව දේශපාලනයෙන් විශ්‍රාම ගැනීම සුදුසු බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පවසයි.

පවතින සමීක්ෂණ වාර්තා අනුව සජිත් ප්‍රේමදාස මහතාගේ ජන්ද පදනම වැඩි වී තිබෙන බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

” සියලුම දත්ත අරන් බැලුවහම සජිත් ප්‍රේමදාස මහත්තයා මේ වෙද්දී ඒ කියන්නේ පහුගිය සති කිහිපය තුළ 46%ඉදන් 48% දක්වා වර්ධනයක් පෙන්නුම් කරනවා. ඉතා වගකීමෙන් කියන්නේ. රනිල් වික්‍රමසිංහ මැතිතුමාත්, ජනතා විමුක්ති පෙරමුණත් මේ දෙගොල්ලොම කරන්නේ එකම දේ. ඒ දෙගොල්ලන්ටම වුවමනාව තියෙන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමාට බාධා කරන්න. ඇත්තමට මේක පැරදෙනවා කියල දැන දැනනේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජන්දේ ඉල්ලන්නේ. පැරදෙනවා කියලත් දැන දැනම ජන්දේ ඉල්ලන්නේ මොකටද වුවමනාව තියෙනවා සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ කකුලෙන් අදින්න. වෙන මොනවත් නෙවෙයි නැත්නම් එතුමාට ඉල්ලන්න කිසිම හේතුවක් නැහැ. එතුමාට ගෞරවනීය ලෙස විශ්‍රාම යන්නයි දැන් තියෙන්නේ. එදා මහින්ද රාජපක්ෂ මහත්තයා තුන්වෙනි වතාවට ජන්දේ ඉල්ලන්නේ නැතුව විශ්‍රාම ගියා නම් මම හිතන්නේ එතුමාට ලොකු ගෞරවයක් ඇති වෙනවා. මේ වෙලාවේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාට යම් ගෞරවයක් රැකගන්න නම් විශ්‍රාම යන්න ඕනේ. එහෙම නැත්නම් මේ ජයග්‍රහණය කරන අපේක්ෂකයාට බාධා කරන එක ලොකු අපරාධයක්.” යනුවෙන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියාසිටියි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ 29 තෙක් යළි රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක අගෝස්තු 26, කොළඹ LNW: පසුගියදා අල්ලස් කොමිසම මගින්...

සමාජ මාධ්‍ය මඟින් අධිකරණ තීන්දුවලට බලපෑම් කිරීම පිළිබඳ BASL වෙතින් අනතුරු ඇගවීමක්!

කොළඹ LNW:අධිකරණ තීන්දු පිළිබඳ සමාජ මාධ්‍ය සහ යූටියුබ් නාලිකා...

ඉරානය යුදෙව් විරෝධී ප්‍රහාර මෙහෙයවන බවට ඕස්ට්‍රේලියාවෙන් චෝදනා..

රෂිකා හෙන්නායක අගෝස්තු 26, කොළඹ LNW: ඕස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීස්,...

අද බන්ධනාගාරගතව සිටින්නේ රට තිරණාත්මක මොහොතේ බේරාගත් නායකයා – රුවන් විජයවර්ධන

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා විසින්...