රන්ජන් නිදහස් කිරීමේ අරගලය අවසන් නෑ. තවත් අරගලයක් තියෙනවා – සජිත් (VIDEO)

Date:

රන්ජන් රාමනායක මහතාට තවමත් ප්‍රජා අයිතිය හෝ දේශපාලනය කිරීමේ අයිතිය හෝ මැතිවරණවලට ඉදිරිපත් වීමේ අයිතිය, ලැබී නැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

රංජන් රාමනායක මහතාට ලබාදී ඇත්තේ බාග නිදහසක් බවත් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34වෙනි ව්‍යවස්ථාවේ 1ඈ, අනුව ලබාදුන් නිදහසක් බවත් පැවසූ විපක්ෂ නායකතුමා, ඒ අනුව සිදුවී ඇත්තේ එතුමාට සිරගතව හිඳින්නට තිබූ ඉතිරි කාලය ඉවත් කිරීම පමණක් බවත් පැවසීය.

34වන ව්‍යවස්ථාවේ දෙවෙනි වගන්තිය යටතේ එතුමාට නිදහස ලබාදිය යුතු වුවත් සිදුවී ඇත්තේ එවැන්නක් නොවන බව කී විපක්ෂ නායකතුමා, රන්ජන් රාමනායක මහතාට පූර්ණ නිදහස ලබා දෙන ලෙස කාරුණිකව ජනාධිපතිවරයාට සිහිපත් කරන බවද පැවසීය.

කෙසේ වෙතත් සමගි ජන බලවේගයේ නායකයා ලෙස තමන් රන්ජන් රාමනායක මහතා තවමත් මන්ත්‍රීවරයකු ලෙස සලකා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට කැඳවන බවත්, මන්ත්‍රී කණ්ඩායමේ නිත්‍ය සාමාජිකත්වයත්, කෘත්‍යාධිකාරි මණ්ඩලයේ නිත්‍ය සාමාජිකත්වයත් ඒ මහතාට ලබාදෙන බවත් විපක්ෂ නායකතුමා පැවසීය.

සමගි ජන බලවේගයේ දූෂණ විරෝධී ව්‍යාපාරය ප්‍රධානියා ලෙස ද ලෙසද රන්ජන් රාමනායක මහතාව පත් කරන බව පැවසූ විපක්ෂ නායකතුමා එයින් නොනැවතී රන්ජන් රාමනායක මහතාගේ පූර්ණ නිදහස වෙනුවෙන් උපරිමයෙන් කැපවෙන බවද කීය.

සමගි ජන බලවේගයේ නිකවැරටිය ආසන බලමණ්ඩල රැස්වීම ඊයේ (27) පැවැත්විණි. එය සංවිධානය කළේ නිකවැරටිය සමගි ජනබලවේගයේ ආසන සංවිධායක සුමිත් අතපත්තු මහතා විසිනි. ඒ අවස්ථාවට විශාල පිරිසක් එක්ව සිටියහ.

මේ මොහොතේ ජනාධිපතිවරයා සර්වපාක්ෂික ආණ්ඩුවකට කතා කළත් සැබැවින්ම සිදුවන්නේ එකට එක්වී රට කෑම උදෙසා සර්ව සර්වභක්ෂක ආණ්ඩුවක් නිර්මාණය කිරීම බවද ඒ මහතා පැවසීය.

මේ වන විටත් රට ඉදිරියේ ණය මර උගුල් තුනක් ඇති බවත් රට ගොඩනැඟීමට නම් ඒ මර උගුල් තුන විසඳාගත යුතු බවත් පැවසූ විපක්ෂ නායකතුමා, ඊට අදාළ කිසිදු වැඩපිළිවෙළක් ආණ්ඩුව විසින් රටට ඉදිරිපත් කර නැතැයිද පැවසීය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වටගලගෙන් බිලියන 10ක වන්දි වශයෙන් ඉල්ලා එන්තරවාසියක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 14, කොළඹ LNW : නීතඥ සුනිල් වටගල...

රාජකීයත්වයේ උරුමය සමඟින් III වන චාල්ස් රජු සිය 77 වන ජන්ම දිනය සමරයි!

සටහන – පුලී නොවැම්බර් 14, කොළඹ (LNW): අද (නොවැම්බර් 14)...

24 වැනිදා සිට කාඩ් එකෙන් බස් ගාස්තු ගෙවන්නත් අවස්ථාව!

කොළඹ LNW:ඩිජිටල්කරණ ව්‍යපෘතියට සමගාමීව ළැඹෙන 24 වැනිදා සිට ඕනෑම...

2026 අයවැය දෙවැනි වර කියවීම වැඩි ඡන්ද 118කින් සම්මතයි !

සටහන - රුවන් නෙළුගොල්ල 2026 අයවැය දෙවන වර කියවීම වැඩි...