IMF ව්‍යාපෘතිය රනිල්ගේ දේශපාලන ව්‍යාපෘතිය වෙලා – නලින්ද ජයතිස්ස

Date:

කොළඹ LNW:ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ව්‍යාපෘතිය රනිල් වික්‍රමසිංහ සිය දේශපාලන ව්‍යාපෘතිය බවට පත්කරගෙන තිබෙන බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක කමිටු සාමාජික වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේය.

ඒ, අද (29) ජාතික ජන බලවේගය විසින් පැවැත්වූ මාධ්‍ය හමුවේදීය.

මහා බැංකු අධිපතිවරයා දේශපාලකයින් කියන දේවල් ගිරවෙක් ලෙස කීම සුදුසු නැති අතර දැන් ඔහු වැඩකරමින් සිටින්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසන ආකාරයට බවයි ජයතිස්ස මහතා කියාසිටියේ.

මහ බැංකු අධිපතිවරයා සිය ගරුත්වය ආරක්ෂා කරගත යුතු බවද එහිදී ඔහු සඳහන් කරන ලදී.

ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ලෝක ආර්ථික තත්ත්වය තේරුම් ගෙන තිබෙන ප්‍රායෝගික වැඩපිළිවෙලක් බවයි ඔහු තවදුරටත් සඳහන් කරන්නේ.

එමෙන්ම අවලාද නගන්න නගන්න ජාතික ජන බලවේගයේ දේශපාලන ව්‍යාපාරය ශක්තිමත් වන බවත් අනුර දිසානායක මහතා ජනාධිපති ලෙස පත්වීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව විසුරුවා හරින බවත් පළමු ධූර කාලය තුළදී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එන බවද නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පිලිපීනයට බලපෑ 21ක් වන සුළි කුනාටුව හේතුවෙන් මිලියනයකට අධික පිරිසක් ඉවත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 09: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : පිලිපීනයට බලපෑ...

නිදහස් සෞඛ්‍ය සේවාව ඩිජිටල් පරිවර්තනයකට ලක්කිරිමට මෙහෙයුම් කමිටුවක්

රෂිකා හෙන්නායක නොවැම්බර් 09, කොළඹ LNW : මෙරට ක්‍රියාත්මක නිදහස්...

සූරතාවය ගිලිහුණත් පළග සූරතාවය ශ්‍රී ලංකාවට

නිශ්මං රණසිංහ නොවැම්බර් 09, කොළඹ LNW: ඉකුත් වර්ෂයේ සූරතාවය දිනා...

මැදපෙරදිග සැඟව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 7ක් සමාව අරගෙන රජයට යටත් වෙන්න එකඟ වුණා – ඇමති විජේපාල

සටහන - රුවන් නෙළුගොල්ල මැදපෙරදිග රටවල සැඟව සිටින මෙරට මත්ද්‍රව්‍ය...