සර්ව පාක්ෂික ආණ්ඩුවකට ආරාධනා කරන්නේ ගල් අගුරු මගඩියේ ඩොලර් බෙදාගන්න ද? (VIDEO)

Date:

විදුලි බිල වැඩි කොට ජනතාව කබලෙන් ලිපට දමන අතර සර්වපාක්ෂික ආණ්ඩු බිහි කරන්නට ආරාධනා කරන්නේ, නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාර මගඩිය හරහා හිමිවන ඩොලර් බෙදාගැනීමට දැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කර සිටියේය.

ජනතාව මෙතරම් පීඩාවට පත්ව සිටියදීත්,මෙවැනි මගඩිවලින් තවදුරටත් මෙරට ප්‍රපාතයට ඇද වැට්ටවීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව පැවසූ විපක්ෂ නායකතුමා,උන්ගේ නෑදෑයන්ගේ පක්ෂයට හෝ උන්ගේ නෑදෑයන්ගේ මාධ්‍යවලට මේවා නොපෙනෙන බව ද පැවසීය.

විදුලි බිල අධික ලෙස ඉහළ දැමීමට එරෙහිව සමගි ජන බලවේගයේ සහ සමගි ජන සන්ධානයේ මන්ත්‍රීවරුන් විසින් අද(29) පාර්ලිමේන්තුව ඉදිරිපිට දී නිහඬ විරෝධතාවයක් දැක්විය.

එම අවස්ථාවට එක් වෙමිනුයි විපක්ෂ නායකතුමා මේ බව පවසා සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චෙන්නායි සිට එන අත්‍යවශ්‍ය සහන භාණ්ඩ රැගත් නැව අද (07) කොළඹ වරායට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 07, කොළඹ LNW : දිට්වා’ සුළි...

ශ්‍රී ලංකාවට සහනයක් වූ මියන්මාරය!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 07, කොළඹ LNW : සුළිකුණාටු තත්ත්වය හේතුවෙන්...

වසරේ හොඳම ඡායාරූපය Vegard Grott ගේ ‘Shadows’

නිශ්මං රණසිංහ දෙසැම්බර් 07, කොළඹ LNW: ලෝක මලල ක්‍රීඩා සංගමය...