බලශක්ති ව්‍යාපෘතිවලට බිලියන 76 ක් ගෙවන්න තියනවා, මිල වැඩි කරන්නෙ නැතුව කොහොමද ? – කංචන

Date:

විදුලිබල මණ්ඩලයේ සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඇතැම් සේවකයන්ගේ වැටුප් හා දීමනා සම්බන්ධයෙන් බරපතල ගැටලු පවතින බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා. අදාල ආයතනවල සේවකයන්ට වාර්ෂිකව 25% ක වැටුප් වර්ධනයක් ලබා දෙන්නේ කිසිදු සේවා ඇගයීමක් හෝ සිදු නොකරන බවයි ඇමතිවරයා පෙන්වා දෙන්නේ.

විදුලිබල මණ්ඩලයේ මාෆියාවලට විරුද්ධව කටයුතු කළ බොහෝ අවස්ථාවලදී තමා තනි වූ බවත්, කිසිවෙක් තමාගේ සහායට ඉදිරිපත් නොවූ බවත් විජේසේකර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.

විදුලි බිල වැඩි කිරීම සම්බන්ධයෙන් අද පැවැත්වෙන සභාව කල්තැබීමේ විවාදයට සහභාගිවෙමින් ඇමතිවරයා සඳහන් කළේ ජනතාව පීඩාවට පත්වන බව සත්‍යයක් වන නමුත් විදුලි බිල වැඩි කිරීම හැර වෙනත් විකල්පයක් නොමැති බවයි. කෙසේ නමුත් අඩු ආදායම්ලාභී පවුල්වලට සහන සැලසීමටද කටයුතු කරන ඇති බව ඔහු පවසනවා.

පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සඳහා සහ පෞද්ගලික විදුලි බලාගාර ව්‍යාපෘති සඳහා විදුලිබල මණ්ඩලය විසින් ගෙවිය යුතු මුදල රුපියල් බිලියන 76 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත්, මීට අමතරව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වෙත රුපියල් බිලියන 3.1 කට අධික මුදලක් ගෙවීමට තිබෙන බවත් පෙන්වා දෙන කංචන විජේසේකර මහතා පවසන්නේ විදුලි බිල ඉහළ නොදමා මෙම මුදල් පියවිය නොහැකි බවයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘Rebuilding Sri Lanka’ අරමුදලට හුණුපිටිය ගංගාරමයෙන් රු. මි. 30ක මූල්‍ය පරිත්‍යාගයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW : ආපදාවෙන් විපතට පත්...

නාවික හමුදාවෙන් මානුෂීය ආධාර සහ ආපදා සහන සැලසීම අඛණ්ඩව!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW : ඊයේ දිනයේ (04)...

‘Rebuilding Sri Lanka’අරමුදලට විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගෙන් රු. මි. 635කට ආසන්න මුදලක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW : මේ වනවිට ...

ලොව හොඳම නගර 10 මෙන්න

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් මස 05: ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) :...