ශ්‍රීලංකන් කේටරින් පෞද්ගලීකරණයට සූදානම් !

Date:

ශ්‍රීලංකන් කේටරින් සමාගමේ කොටස් 49% ක් හා එහි පරිපාලනය පෞද්ගලීකරණය කිරීමට තීරණය කළ බව විෂය බාර අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා. මීට අමතරව ගුවන් තොටුපල මෙහෙයුම්වලින් 49% ක් හා එහි පරිපාලන කටයුතුද පෞද්ගලීකරණය කිරීමටයි තීරණය කර තිබෙන්නේ.

ශ්‍රීලංකන් ගුවන් සමාගම ප්‍රතිව්‍යූහගත කිරීම සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා අමාත්‍යංශයේදී පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ඇමතිවරයා මේ බව සඳහන් කළේය.

මෙම කොටස් පැවරීම සඳහා පෞද්ගලික ආයෝජකයෙකු පිළිබඳව සොයා බලන බවත්, වැඩි කොටස් ප්‍රමාණයක් ඉල්ලා සිටින්නේ නම් ඒ සඳහාද සූදානම් බවත් නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කරයි.

මේ හරහා ලැබෙන මුදල්වලින්, සමාගමේ කොටස් උගස් තබා ලබාගෙන ඇති ඩොලර් මිලියන 80 ක ණය මුදල පියවීමටත් තවත් ණයක් පියවීමටත් හැකියාව ලැබෙන බව ඔහු පවසනවා. මේ හරහා සමාගමේ ණය බර යම් ප්‍රමාණයකින් අඩුකර ගත හැකි බවද නිමල් සිරිපාල මහතා සඳහන් කරයි.

2010 වසරේදී ස්ථාපිත කළ ශ්‍රීලංකන් ගුවන් සමාගම ආරම්භයේ පටන්ම අලාභ ලැබූ අතර මේ වනවිට සමාගම සතු ණය ඩොලර් බිලියන 1.1 ඉක්මවා තිබෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මිලාන් ගේ ගොඩට කුසලුත් වැටෙයිද?

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ බංගලාදේශය...

ශ්‍රී ලංකාවට ඉණිමක සහ ලකුණු 78 ක ජයක්ප්‍රභාත්ගෙන් ලකුණු 56 ට කඩුුලු 5 ක්

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ බංගලාදේශය...

CAVA 19 පහළ කාන්තා තරගාවලියට සහ ජාතික වෙරළ වොලිබෝල කණ්ඩායම්වලට දක්ෂයන් තෝරයි

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: මධ්‍යම ආසියානු වොලිබෝල් සම්මේලනයේ...

ලබා දුන් සහයෝගයට ස්තූතියි: ඉරාන – ඉන්දීය විදේශ අමාත්‍යවරුන් හමුවෙයි!

රෂිකා හෙන්නායක ජූනි 28, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරාන විදේශ...