*
Monday, December 16, 2024
spot_img

Latest Posts

ටී.බී.ජයා පළමුවරට මුස්ලිම් පාසලකට

ලාංකේය මුස්ලිම් ජාතිකයන්ගේ අධ්‍යාපන කාර්යේදී මෙන්ම ජාතික නිදහස් සටනේ ද,සියලු ජාතීන් අතර එකඟතාවය සහිත ලාංකේය සංස්කෘතියක් නිර්මාණය කිරීමේදී ද කැපවීමෙන් කටයුතු කළ ජාතික දේශපාලනයේ ප්‍රභූ නායකයෙක් හැටියට හදුන්වන ටී.බී.ඡායා ස්මරණය කරමින් පැවත්වෙන පාසල් බොක්සිං තරගාවලිය වන ටීබී.ඡායා බොක්සිං තරගාවලිය සැප්තැම්බර් මස 2 – 7 දක්වා අකුරණ අෂාර් මධ්‍ය මහා විද්‍යාලයේදී පැවත්වීමට කටයුුතු යොදා ඇත.ලංකාවේ දේශපාලනයේ මඟ හැර යා නොහැකි දේශපාලන පක්ෂයක් වන එක්සත් ජාතික පක්ෂය පිහිටුවීමේ යෝජනාව සහ ස්ථීරත්වය ගෙන ඒමේ දී කොළඹ, ඇල්බට් චන්ද්‍රවංකයෙහි, පාම්කෝට්හී පැවැති සමාරම්භක රැස්වීමෙහිදී, දේශපාලන පෙරමුණු කිහිපයක්, තනි පක්ෂයක් ලෙසින් එක්සත් කල යුතු බවටඑස්.නඩේෂන් විසින් සිදුකෙරුණු යෝජනාව ස්ථීර කර ඇත්තේ ද ටී.බී.චයා විසිනි.


නමුත් මේ සමාජ ක්‍රියාකාරී පුභූවරයා සිහිපත් කරමින් පවත්වන බොක්සිං සූරතාවලිය රටේ මුස්ලිම් පාසල් පරිශ්‍රයක මේ දක්වා පවත්වා නැත.ඒ අනුව මෙවර පාසල් බොක්සිං සංගමය රටේ මුස්ලිම් ජනතාවගේ මෙන්ම වෙනත් ජනවර්ග පාසල් අවදියේම බොක්සිං ක්‍රීඩාවට ආකර්ශණය කර ගැනීමේ ද ප්‍රගතියක් අපේක්ෂාවෙන් මෙන්ම බොක්සිං ක්‍රීඩාවට ජන වාර්ගික බේදයක් නොමැතිව පාසල් අවදියේ සිටම ලාංකේය බොක්සිං සංස්කෘතියක් නිර්මාණය කිරීමේ අවශ්‍යයතාවය පදනම් කරගෙනද අකුරණ අෂාර් වැනි වර්ථමානයේ බොක්සිං ක්‍රිඩාවෙන් යම් ප්‍රගතියක් අත් කරගෙන සිටින පාසලකට 52 වන ටී.බී.ජයා බොක්සිං තරගාවලිය ගෙන ඒමට තීරණය කර ඇත.


පාසල් බොක්සිං සංගමය ජාතික බොක්සිං සංගමයේ අධීක්ෂණය සහ මෙහෙයවීම යටතේ පවත්වාගෙන යන ජාතික කණිෂ්ඨ බොක්සිං සංචිතය හරහා අනාගතයට යහපත් ප්‍රවනතාවයන් රැසක් එක්වනු ඇතැයි සිතිය හැකි අතර,එවැනි පසුබිමක ටී.බී.ජයා වැනි බොක්සිං තරගාවලියක් මුස්ලිම් සංස්කෘතියත් යටතේ ක්‍රියාත්මක පාසලකට සපැමිණීම ද යම් ආකාරයක වෙනස්කමකි.වසර 51 ක් පුරාවට මුස්ලිම් ප්‍රජාවගේ ගෞරවයට පාත්‍ර වූ නායකයෙක් නමින් ජාතික වටිනාකමක් එකතු කර පැවත් වූ පාසල් බොක්සිං තරගාවලියකට වසර 52 ක එළැඹෙන මොහොත වන තෙක්ම මුස්ලිම් පාසලකට ඇතුල්වීමට බලා සිටින්නට සිඳු වීම ම ඒ වෙනසේ ප්‍රබලකමට හොද සාක්ෂියක් වනු ඇත.


එසේම මේ වෙනස රටේ වෙනස් සංස්කෘතික අනන්‍යතාවයන් අතර සංහදියාවක් අනාගතය භාර ගැනීමට සිටින විවිධ සංස්කෘතීන් හී සටන්කාමී නියෝජනයන්ට හඳුන්වාදීමක් ලෙස ද නිර්වචනය කළ හැකිය.තරගාවලියේ දක්ෂතාවලට සුබ පැතීමට පෙර වසර 52 ට පසුව තරගාවලිය පවත්වන ස්ථානයේ ඇති කර තිබෙන වෙනස්කමට අපි පාසල් බොක්සිං සංගමයට සුබ පතන්නෙමු.

සටහන – නිෂ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan