සිරිමාවෝ මැතිනියගෙන් පස්සේ මගේ යහපාලන කාලය තමා මුළු ලෝකයම දිනාගත්තෙ – සිරිසේන

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගෙන් පස්සේ තමාගේ  යහපාලන කාලය තුළ  මුළු ලෝකයම දිනාගත්ත කාලය බව හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන පවසයි . තමාට යළි ජනපති ධූරය මෙහෙයවීමේ කිසිදු අපහසුවක් නොමැති බවද  සිරිසේන මහතා පවසයි.

මාධ්‍ය වැඩසටහනකදී සිරිසේන මහතා මේ බව කියා සිටියේය.

“කිසිම දේශපාලන පක්ෂයක කැපුවත් නිල්, කැපුවත් කොළ, කැපුවත් රතු කියන අය දැන් නෑ. අද ව්‍යාපාරිකයෝ සතුටින් නෑ. රාජ්‍ය සේවකයා සතුටින් නෑ. ධීවරයෝ සතුටින් නෑ. සාමාන්‍ය පුරවැසියා සතුටින් නෑ. පාසල් ගත්තහම මත්කුඩු, මත්ද්‍රව්‍ය, අයිස් පිළිබඳ ප්‍රශ්න ඉතාම උග්‍රයි. මේවා මර්දනය කිරීම සහ අනෙක් ප්‍රශ්න විසඳීම සම්බන්ධයෙන් මීට වඩා කාර්යක්ෂම වැඩිපිළිවෙලක අවශ්‍යතාවය අපි දකිනවා. ඒක අපිට කරන්න පුළුවන්. අපි පක්ෂයක් විදියට අපිට ඒවට විසඳුම් තියෙනවා. මම ජනාධිපතිකම කරපු කෙනෙක් විදියට මට ඒ අත්දැකීම් එක්ක නැවත ජනාධිපතිකම කිරීමේ කිසිම අපහසුවක් නෑ. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගෙන් පස්සේ මගේ යහපාලන කාලය තමා මුළු ලෝකයම දිනාගත්ත කාලය කියලා මම ඉතාම පැහැදිලිව කියනවා.”

මෙහිදී මෛත්‍රීපාලන සිරිසේන මහතා තවදුරටත් පැවසූවේ 13 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් 08 වන ජනාධිපතිවරයාට ද ක්‍රියාකිරීමේ හැකියාවක් නොමැති බවයි.

“ඒක තමා අපි කියන්නේ ආණ්ඩුව ලියලා එවන්න. එතකොට අපේ උත්තරය අපි එවන්නම්. ඒකයි මම උත්තර යැවුවේ. ඔබතුමා කිව්වානේ මේක ජනාධිපතිවරු 7 දෙනෙක් කරේ නෑ කියලා. මේ සැරෙත් කරන්නේ ඕකම තමා. මගේ විශ්වාසය නම් කෙරෙන්නේ නෑ කියලා ඉතින්…”

යනුවෙන් සිරිසේන මහතා කියා සිටියේය .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2027 සිට ඊශ්‍රායල රැකියා සඳහා බඳවා ගැනීම් රජය හරහා පමණයි : SLBFE

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30 කොළඹ LNW : 2027 ජනවාරි 1...

PSTA සහ POCA පනත් ගේන ඕනෑම මොහොතක අපි පාර්ලිමේන්තුව වටළනවා – වසන්ත මුදලිගේ

ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් උල්ලංඝනය කරන "ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ...

අද (30) දවසේ වැසි තත්වය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 30) දිනයේදී බස්නාහිර සහ...

හෝමාගම තරුණයාගේ මරණය හුදෙකලා සිද්ධියක්. ශ්‍රී ලංකා පොලීසියට චෝදනා කිරීම වැරදියි – ඇමති ප්‍රසන්න

හෝමාගම පොලිස් ස්ථානය තුළ සිදුවූ පරදීමකින් සැකකරුවකු මියයාම හුදෙකලා...