පුරාවිද්‍යාඥයින් සඳහා ව්‍යවස්ථාවක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා කියා සිටින්නේ , පුරාවිද්‍යාඥයින් සඳහා ව්‍යවස්ථාවක් සකස් කිරීමට ඉදිරියේදී බලාපොරොත්තු වන බවත්, ඒ තුළින් පුරාවිද්‍යාඥයින් මෙරට රාජ්‍ය ආයතන ආශ්‍රිතව ස්ථාන ගතකිරීමට කටයුතු කරන බවය.

” මේ පුරාවිද්‍යාවාදි කණ්ඩායම් දැනට ඉන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හෝ එහෙමත් නැත්නම් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ඉගැන්වීම් කටයුතු කරමින්. එතනින් එහාට යන්න මේ පුරාවිද්‍යාර්ථයින් වෙනුවෙන් අපි බලාපොරොත්තු වෙනවා ඒ අයගේ ව්‍යවස්ථාවක් හදන්න. ඒ අනුව විවිධ ආයතනවල ඒ අයව ස්ථානගත කරන්න. දැන් රේගුව තියෙනවා. හැබැයි රේගුවේ පුරාවිද්‍යාඥයෝ ඉන්නවද, ඊළඟට පළාත් සභා තියෙනවා. අපේ පුරාවස්තු ගොඩක් තියෙන්නේ උතුරු සහ නැගෙනහිර, උතුරු මැද, වයඹ ඔය ආදි පළාත්වල. නමුත් ඒවායේ රාජ්‍ය ආයතනවල පුරාවිද්‍යාඥයෙක් නෑ. ඒ හින්දා අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි කාලයේදී එයින් වැඩපිළිවෙළකුත් කරන්න. ඒ වගේම එම පුරාවිද්‍යා උපාධිධාරීන්ව එවැනි ස්ථානවල ස්ථානගත කරන්න.” යැයි වික්‍රමනායක මහතා පැවසීය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...