300කට වැඩි පිරිසක් මිය ගිය බැග්ඩෑඩ් වාහන බෝම්බ ප්‍රහාරයට සම්බන්ද තිදෙනෙක් එල්ලා මරයි

Date:

2016 ජූලි 3 වන දින ඉරාක අගනුවර ෂියා මුස්ලිම් ප්‍රදේශයක් වන කර්රාඩා හි ජනාකීර්ණ සාප්පු මධ්‍යස්ථානයක පුද්ගලයන් 300කට වැඩි පිරිසකට මාරු කැදවමින් දහස් ගණනක් දෙනා තුවාල කරමින් සිදු වූ බැග්ඩෑඩ් නුවර වාහන බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ බවට වරදකරුවන් වූ පුද්ගලයන් තිදෙනෙකු ඉරාකය විසින් එල්ලා මරා දමා ඇති බව වාර්තා වේ.

ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය (IS) මෙම ප්‍රහාරයේ වගකීම බාරගෙන ඇති අතර අග්‍රාමාත්‍ය මොහොමඩ් ෂියා අල්-සුඩානිගේ කාර්යාලය මරණ දණ්ඩනය නියම වූ අයගේ නම් හෝ ඔවුන්ට දඬුවම් නියම කළේ කවදාදැයි නිශ්චිතවම සදහන් කර නොමැත.

AFP ප්‍රවෘත්ති ඒජන්සියට අනුව ප්‍රහාරය පිටුපස සිටි IS මහ මොළකරු ලෙස සැලකෙන Ghazwan al-Zawbaee ඝාතනයට ලක්වූවන් අතර සිටින බව වාර්තා වේ.

සශිකලා මධුෂාණි-outboundtoday

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාවික සහ ධීවර කටයුතු වළක්වලමින් නිකුත් කළ අනතුරු ඇඟවීම ඉවත්කරයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 01, කොළඹ LNW : ඉකුත් දා, දිවයින...

විශ්ව විද්‍යාල අධ්‍යයන කටයුතු ගැන දැනුම් දීමක්!

කොළඹ LNW:අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ...

වේල්ස් කිරුළ විනාඩි 57 ක සටනකින් පසු අත හරින්නට රනිත්මාට සිඳු වෙයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 01, කොළඹ LNW: වේල්ස් ජාත්‍යන්තර විවෘත බැඩිමින්ටන්...

විදෙස් ආධාර කළමනාකරණය කරන්න හදිසි ඒකකයක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණ තත්ත්වය නිසා ඇතිව තිබෙන ගංවතුර...