*
Monday, September 30, 2024
spot_img

Latest Posts

අවුරුදු 40ක දේශපාලනය අවුරුදු 2න් රිවර්ස් වුණ හැටි!

කොළඹ LNW:වසර 40ක සිය දේශපාලන ගමන තුළ මීට පෙර කිසිදිනෙක රනිල් වික්‍රමසිංහ මහතාට කිසිදු සහයක් නොදැක්වූ නමුත් ගෙවුණු වසර දෙකහමාරක කාලය තුළ දුක් විඳපු ජනතාව වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් ගොඩ දැමූ ආකාරය දුටු බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසුවේය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (29) මොණරාගල මහජන රැළිය අමතමිනි.

ඒ අනුව කිසිම කොන්දේසියකින් තොරව මෙවර රනිල් වික්‍රමසිංහ මහතාට සහය දැක්වීමට තීරණය කළ බවයි ඔහු කියාසිටියේ.

”ගරු ජනාධිපතිතුමනි මගේ අවුරුදු 40ක දේශපාලන තුළ මම කවදාවත් ඔබතුමාට ජන්දේ දීපු කෙනෙක් නෙවෙයි. ඔබතුමාට වචනෙකින්වත් උදව් කරපු කෙනෙක් නෙවෙයි. අපි ඔබතුමාට විරුද්ධව කටයුතු කරපු කණ්ඩායම. නමුත් පහුගිය අවුරුදු දෙකහමාර තුළ මේ රටේ දුක්විඳපු මිනිස්සුන්ව ගොඩ ගත්ත ආකාරය අපි දැක්කා. ඔබතුමා කටයුතු කරන ආකාරය අපි දැක්කා. ඒ නිසා තමයි අපේ පොහොට්ටුවේ ගම් මට්ටමේ සාමාජිකයෝ පළාත් පාලන ආයතනවල අපේ මන්ත්‍රීවරු,පළාත් සභාවේ මන්ත්‍රීවරු,පාර්ලිමේන්තුවේ බහුතරයක් මන්ත්‍රීවරු කිව්වේ ගොඩ දාන්න පුළුවන් නායකයෙක් විදිහට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට තව අවස්ථාවක් දෙන්න ඕනේ කියල. ඒ නිසා තමයි අපි කොන්දේසි විරහිතව මේ මැතිවරණයේදී ඔබතුමා වෙනුවෙන් පෙනී හිටින්නේ. සමහර අය උත්සහ කරනවා කියන්න අපි එක්සත් ජාතික පක්ෂයට එක්කහු වුණා කියල. තවත් සමහරු කියනවා අපි වරදාන වරප්‍රසාද වලට යට වුණා කියල. අපි කිසිම වරදාන වරප්‍රසාද ගත්ත අය නෙවෙයි. අපි කිසිම දේශපාලන වෙනස්වීමකට ලක්වුණ අය නෙවෙයි. අද රටට අවශ්‍ය කරන අලුත් දේශපාලන සංස්කෘතියත් එක්ක එක්කහු වෙච්ච මිනිස්සු. එදා පෝලිම්වල මිනිසු මැරුණා. අද රට සාමාන්‍ය තත්ත්වයට පත්වෙලා තියෙනවා. වැල් පාලමේ භාගයක් දැන් ඇවිත් තියෙනවා. ඉතුරු ටික ගොඩ දැමීම අපේ වගකීමයි. ඒ ගොඩ යාමේ තීන්දුව එන්නේ සැප්තැම්බර් 21වැනිදාට කියන එක මතක් කරන්න ඕනේ.” යනුවෙන් රණතුංග මහතා තවදුරටත් කියාසිටියේය.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan