ජොන්ස්ටන් ඇප මත නිදහස්. විදෙස් ගමන් තහනම් !

Date:

2013 වසරේදී සතොස ආයතනයේ සේවකයින් පිරිසක් රාජකාරියෙන් ඉවත් කරගෙන දේශපාලන කටයුතුවල යෙදවීම තුළින් රුපියල් ලක්ෂ 11කට අධික පාඩුවක් රජයට සිදුකිරීම සම්බන්ධයෙන් ගොනුකර ඇති නඩුවට අදාළව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනා ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණය අද (30) නියම කළේය.

ඒ අනුව රුපියල් 50,000 බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔවුන් නිදහස් කිරීමටයි අධිකරණය නියෝග කළේ.

එමෙන්ම නඩු විභාගය අවසන් වනතෙක් ඔවුන්ගේ විදෙස් ගමන් තහනම් කිරීමට ද අධිකරණය නියම කළේය.

ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අමතරව සතොස ආයතනයේ හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ හිටපු අධ්‍යක්ෂ මොහොමඩ් සාකීර් යන අය මෙම නඩුවේ විත්තිකරුවන් වේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කථානායකට එරෙහිව අල්ලස් කොමිසමට ඉදිරිපත් වුණු පැමිණිල්ලේ දූෂණ චෝදනා 8ක් !

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා විසින්...

කැලිෆෝර්නියා ප්‍රාන්තය WHOහි සාමාජිකත්වය ලබාගනියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 78 වසරක් පුරා...

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...