*
Monday, May 6, 2024
spot_img

Latest Posts

පකිස්තාන භූමියෙන් තුනෙන් එකක් ගංවතුරෙන් යටවෙයි – දහසක් මිය ගිහින් – මිලියන 30 කට පීඩා

පකිස්තානය බලපා ඇති අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් මිලියන 30 කට අධික පිරිසක් පීඩාවට පත්ව තිබෙනවා. මෙම තත්වය මත එරට තුළ හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මේ වනවිට එරට භූමියෙන් තුනෙන් එකකට ආසන්න ප්‍රමාණයක් ගංවතුරෙන් යට වී ඇති අතර නිවාස 95,000 ක් පමණ සම්පූර්ණයෙන් විනාශ වී තිබෙනවා. මීට අමතරව අර්ධ වශයෙන් හානි වූ නිවාස ප්‍රමාණය ලක්ෂ 02 ඉක්මවන බවයි එරට රජයේ වාර්තාවලින් තහවුරු වන්නේ.

අවසන් පැය 24 තුළදී පමණක් අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් පුද්ගලයන් 75 දෙනෙකු මියගොස් ඇති අතර සමස්ත මරණ ප්‍රමාණය 1136 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

පකිස්තානය මේ වනවිට දැවැන්ත ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින අතර මෙම ව්‍යසනකාරී තත්වය හේතුවෙන් අර්බුදය තවදුරටත් උත්සන්න වන බවයි වාර්තා වන්නේ.

අර්බුදයනේ ගොඩඒම සඳහා පකිස්තානය ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහාය ඉල්ලා තිබිණි. මේ වනවිට ඇමරිකානු ඩොලර් බිලියන 1.1 ක IMF සහනයක් අනුමත වී තිබෙනවා.

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan