අගෝස්තු 31 වෙනිදා ට ලෑස්ති වෙන්න: ABBA හි ඇග්නේතා කරන්න යන අලුත් වැඩේ මෙන්න!

Date:

ඇග්නේතා මේ වන විට 73 වන වියේ පසුවෙයි. දැනටමත් ඈ සිය ABBA සගයන් සමඟ Voyage නම් ගීත එකතුවක් රසික ජනතාවට ලබා දී සිත් පහන් කර අවසන් ය. ඈ විසින් දියත් කිරීමට සූදානම්වන මේ නව ගීත ව්‍යාපෘතිය ද ආදරයෙන් වැළඳ ගැනීමට රසිකයහු නෙත් දල්වාගෙන බලා සිටිති..

ඉසුරු පරාක්‍රම

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 70 දශකයේ ගීත අමන්දානන්දය ABBA සංගීත කණ්ඩායමේ ඇග්නේතා ෆෙල්ට්ස්කොග් (Agnetha Fältskog) සිය නිල වෙබ් අඩවිය සහ සමාජ මාධ්‍යවල තැබූ කුතුහලය දනවන සටහනක් පිළිබඳ ලොව පුරා ABBA රසික රසිකාවියන් අතර දැඩි කතාබහක් ඇතිවූ බව නොරහසකි. මේ පිළිබඳව අපි ද වාර්තා කළෙමු.  

අගෝස්තු 23 වන දින සිය නිල වෙබ් අඩවියේ සහ සමාජ මාධ්‍ය ජාලාවල “+” ලකුණ සමඟ “Where Do We Go From Here?” යන වදන් පෙළ ඈ සටහන් කර තිබුණේ නව සංගීත ව්‍යාපෘතියක් සඳහා ඇග්නේතා අත ගසා ඇති බව ඉඟි කරමිනි. මේ පිළිබඳව බ්‍රිතාන්‍යයේ ඕපාදූප කලාවේ රජු යැයි සැලකෙන ද සන් (The Sun) පුවත්පත පවා ප්‍රතිචාර දක්වා තිබූ අතර ඔවුන්ගේ වාර්තාවේ සඳහන්ව තිබුණේ ඇග්නේතා නවතම ගීත ඇල්බමයක් එළිදැක්වීම සඳහා බීඑම්ජී රෙකෝඩ්ස් (BMG) සමඟ ගිවිසුම්ගත ව සිටින බවයි.

ඊයේ (අගෝස්තු 29) දින ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 11 ට පමණ ඇග්නේතා විසින් සිය නව ව්‍යාපෘතිය පිළිබඳව නිල වශයෙන් යාවත්කාලීනයක් ලබා දී තිබේ.  

ඒ අනුව එළඹෙන අගෝස්තු 31 වන බ්‍රහස්පතින්දා දින බ්‍රිතාන්‍ය සම්මත වේලාවෙන් පෙ.ව. 08.30ට, හෙවත් ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 01 ට “Where Do We Go From Here?” බීබීසී රේඩියෝ 02 (BBC Radio 2) හි පළමු වරට විකාශය වීමට නියමිත ය.

“So… where do we go from here? – World Premiere of ‘Where Do We Go From Here?’ on BBC Radio 2 with Zoe Ball – Tune in on Thursday 31st August from 8:30am (BST) ?➕”

යනුවෙන් ඇගේ නිල සටහනේ දක්වා ඇත.

මේ අතර, ABBA රසික රසිකාවියන් විසින් පිහිටුවාගත් සමාජ මාධ්‍ය සංසදවල ඇග්නේතා ගේ නව සංගීත ව්‍යාපෘතිය පිළිබඳ නිල නොවන යාවත්කාලීනයක් ද සංසරණය වෙමින් පවතී. එහි දැක්වෙන්නේ, ඈ විසින් අවසාන වරට එළිදැක්වූ “A” නම් ගීත ඇල්බමයට වසර 10 ක් පිරීම නිමිතිකොට ගෙන “A+” නමින් නවතම ගීත ඇල්බමයක් නිකුත් කිරීමට ඇග්නේතා සූදානමින් පසුවන බවයි.

ඔවුන්ගේ විග්‍රහයට අනුව, “A+” යනු “Where Do We Go From Here?” නමින් නවතම ගීතයක් ද ඇතුළත්, එහෙත් ඇග්නේතා ගේ 2013 වර්ෂයේ නිකුත් වූ “A” නම් ඇල්බමයේ ප්‍රතිනිර්මාණයකි. ඒ අනුව “A” නම් ඇල්බමයේ අඩංගු ගීත දහයේ නව අනුවාද දහයක් ද, “Where Do We Go From Here?” නමින් නවතම ගීතයක් ද සමඟ “A+” ගීත 11 කින් සමන්විත ගීත එකතුවක් ලෙස එළිදැක්වීමට නියමිත බවට මතයක් මෙම සමාජ මාධ්‍ය සංසදවල සංසරණය වෙමින් පවතී.

40 වසරක නිහැඬියාවකින් අනතුරුව 2021 වර්ෂයේ ABBA විසින් එළි දැක්වූ Voyage ගීත ඇල්බමයට සමඟාමීව 2022 වර්ෂයේ සංවිධානය කළ Voyage හොලොග්‍රෑම් ත්‍රිමාණ සජීවීකරණ ප්‍රසංගයේ මංගල දිනයට ඇග්නේතා සහභාගී වූ මොහොත | ඡායාරූප: Alamy

ඇග්නේතා මේ වන විට 73 වන වියේ පසුවෙයි. දැනටමත් ඈ සිය ABBA සගයන් වූ බියෝර්න් උල්වායස් (Björn Ulvaeus), බෙනී ඇන්ඩර්සන් (Benny Andersson) සහ ඇනි-ෆ්‍රිඩ් ලින්ස්ටඩ් (Anni-Frid Lyngstad) සමඟ Voyage නම් ගීත එකතුවක් රසික ජනතාවට ලබා දී සිත් පහන් කර අවසන් ය. ඈ විසින් දියත් කිරීමට සූදානම්වන මේ නව ගීත ව්‍යාපෘතිය ද ආදරයෙන් වැළඳ ගැනීමට ඇග්නේතා මෙන්ම ABBA රසිකයහු ද නෙත් දල්වාගෙන බලා සිටිති.

ඡායාරූප: අන්තර්ජාලය

සැබැඳි පුවත්:

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ට්‍රම්ප්ගේ තීරුබදු ගැන සාකච්ඡා කරන්නේ ආසියාවෙන්ම අපි විතරයි. තත්වය අපට ඉතාමත් වාසිදායකයි – ඇමති අනිල්

සටහන - රුවන් නෙළුගොල්ල ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවා...

ඉන්ධන මිල ඉහළට !

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (ජුනි 30) මධ්‍යම රාත්‍රියේ සිට...

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...