2023 තුළ ඩොලර් මිලියන 701ක සෘජු විදේශ ආයෝජන ලැබිලා – දිලුම් අමුණුගම

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මේ වසරේ ඉලක්කය සෘජු විදේශ ආයෝජන ඩොලර් බිලියනයක් මෙරටට ගෙන්වීම බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි. ඩොලර් මිලියන 701ක සෘජු විදේශ ආයෝජන 2023 වසරේ මේ දක්වා වූ කාලය තුළ රටට ලැබී ඇති බවද ඔහු පවසයි.

“මේ වසරට අපිට දීලා තියෙන ඉලක්කය, අයෝජන මණ්ඩලයට දීලා තියෙන ඉලක්කය ඩොලර් බිලියනයක්. දැන් අපි ඉන්නේ මේකේ පළමු කාර්තුවේ. දැනට අපිට ඩොලර් මිලියන 701ක ආයෝජන ඇවිල්ලා තියෙනවා මුදල්. අපි පළමු කාර්තුවේ මෙහෙම කරලා තියෙනවා. දැනට මගේ ළඟ තියෙනවා ගිවිසුම් අත්සන් කරන්න ඩොලර් මිලියන 280ක චීන ව්‍යාපෘතියක්. පරණ වාහන ගෙනල්ලා ප්‍රතිචක්‍රීකරණය කරන එකක්. ඒ වගේම ඩොලර් මිලියන 250ක කොරියානු ආයෝජනයක් තියෙනවා පිත්තල ආශ්‍රිත ව්‍යාපෘතියක්. මේ දෙක එකට කරපුවාහම අපි ටාගට් එක පනිනවා පළමු මාස 5ට. ඒ වගේම ඩොලර් බිලියන 1.6ක පිරිපහදුවක් එනවා හම්බන්තොටට. ඒ වගේම අපි ත්‍රිකුණාමලයේ කරන්න තියෙන සංවර්ධනය එක්ක. මට පේන විදියට අපිට දීලා තියෙන්නේ ඩොලර් බිලියනයක් වුණාට අපිට ඩොලර් බිලියන 3කට වගේ යන්න පුළුවන් තත්ත්වයක් පේනවා.”

යනුවෙන් අමාත්‍යවරයා පැවසීය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එංගලන්තේ සරෝජාගේ කණ්ඩායම මහජන මුදල් අවභාවිතා කළා ද?

එංගලන්තේ සරෝජාගේ කණ්ඩායම මහජන මුදල් අවභාවිතා කළා ද?

එස්එස්සී ඉහළට

නිශ්මං රණසිංහ ජනවාරි 26, කොළඹ LNW: ඉකුත් වසරේ දක්වන ලද...

ඉරානයට පහර දුන්නොත් ‘සම්පූර්ණ යුද්ධයක්’ ඇති වන බවට ඉරාකයේ Kataib Hezbollah සංවිධානය අනතුරු අඟවයි

රෂිකා හෙන්නායක ජනවාරි 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...

චීනයේ ඉහලම ජෙනරාල්වරයකු න්‍යෂ්ටික හා මිසයිල සම්බන්ධ රාජ්‍ය රහස් එක්සත් ජනපදයට කාන්දු කළ බවට චෝදනා ලබයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 26: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ජ්‍යෙෂ්ඨතම හමුදා...