භූ දේශපාලනය බැලන්ස් නොකළොත් රට කපෝතියි ….

Date:

මාලදිවයිනත් දරුණු ආර්ථික අර්බුදයක. ඉතිහාසයේ පළමු වරට ඩොලර් සංචිතත් පහළ වැටිලා..

ලංකාව, බංග්ලාදේශය , මාලදිවයින යන රටවල්වල සිදුවූ හා තාමත් සිදුවෙමින් පවතින සිද්දිවල අන්තර් සම්බන්දයක් තියෙනවග බැලූබැල්මටම පේනවා… මට හිතෙන්නේ කලාපයේ බලවත් රටක් මේ සිද්දි පිටුපස ඉන්නවා..

මාළදිවයින කියන්නේ ආරක්ෂක හමුදාවක් නැති කුඩා රටක්, මෙතෙක් මාළදිවයිනේ ආරක්ෂාව බාරව කටයුතු කලේ ඉන්දියන් හමුදාව.. මෑතකදී චීනයේ යටිකූට්ටු උපදෙස් මත ඉන්දියානු හමුදාව ඉවත්කරගන්නා ලෙස මාළේ රාජ්‍ය නායකයා ඉන්දියාවට දැනුම්දීම වැනි චීන හිතවාදී සිද්දි දාමය මේ තත්වයට හේතුවෙන්න ඇති.. සමහරවිට තව දින කීපයකින් මාළෙ ඇතුලේ තවත් බංග්ලාදේශයක් හැදෙයි.

බංග්ලාදේශයේ ඉරණමට ෂෙක් හසීනා චීනය සමඟ කරන්ට යෙදුන අවිගනුදෙනුව හේතුවෙන්ට ඇති..

ලංකාව ඇතුලේ මට හිතෙන්නේ රාජපක්ෂලා ඕනෑවට වඩා චීනෙට හේත්තුවෙලා කරපු ආර්ථික ගනුදෙනුව හේතුවෙන්ට ඇති…

ලංකාව කියන්නේ චූටි දුර්වල රාජ්‍යයක්.. කලාපෙ මහ බලවතෙක් එක්ක කටමැත දොඩවගෙන ගේම ඉල්ලගෙන ගිහින් ලංකාව ඇතුලේ ඉන්න මෝඩ ජාතිකවාදීන්ට ගොං ආත්ල් දෙන්ට පුළුවන් … හැබැයි රටක් විදියට ගත්තම ඒවගේ වැඩවලින් හොඳම එකෙන් කෙළවාගන්නවා හැර වෙන දෙයක් වෙන්නෙ නෑ..

අපිට කරන්න තියෙන්නේ කලාපයේ මහ බලවතා එක්ක සහජීවනයෙන් උදවු උපකාර අරගෙන නව භූ දේශපාලනය බැලන්ස් කරන එක විතරයි…

වියට්නාමය වගේ ඉන්දියාවට එපිටින් තියෙන රටකට සම්පූර්ණයෙන්ම චීනෙට හේත්තුවෙලා පැවැත්ම හදාගන්ට පුළුවන් ඇති.. හැබැයි ලංකාව වගේ ඉන්දියාවට ගෑවි ගෑවි තියෙන රටකට එහෙම කරන්න බෑ..

දැන් කොහොමත් ඉන්දියාව තමන් කැමති නැති බලවේගයකට ලංකාවේ ආන්ඩු කරන්න දෙන්නෙ නෑ ….

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බොරැල්ලේ පාසලක තාප්පයක් කඩාවැටී සිදුවූ අනතුරින් එක් සිසුවකුට බරපතළයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, කොළඹ LNW : ප්‍රතිසංස්කරණ කටයුත්තක් සඳහා...

උගන්ඩා අභියෝගයේ උඩින්ම විරේන් දුමිදුට සහ රනිත්මටත් ඉහළ තැන්

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: උගන්ඩාව,ශ්‍රී ලංකාවට මෑතකාලීන දේශපාලනික...

කැනඩාවේ Tumbler Ridge සමූහ වෙඩි තැබීමේ ඛේදවාචකයේ ඇතුල් පැත්ත..

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පුවත අසන්න මෙතනින්.. පුවත...

පොලීසියෙන් මහජනතාවට විශේෂ දැනුම් දීමක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, කොළඹ LNW : අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...