භූ දේශපාලනය බැලන්ස් නොකළොත් රට කපෝතියි ….

Date:

මාලදිවයිනත් දරුණු ආර්ථික අර්බුදයක. ඉතිහාසයේ පළමු වරට ඩොලර් සංචිතත් පහළ වැටිලා..

ලංකාව, බංග්ලාදේශය , මාලදිවයින යන රටවල්වල සිදුවූ හා තාමත් සිදුවෙමින් පවතින සිද්දිවල අන්තර් සම්බන්දයක් තියෙනවග බැලූබැල්මටම පේනවා… මට හිතෙන්නේ කලාපයේ බලවත් රටක් මේ සිද්දි පිටුපස ඉන්නවා..

මාළදිවයින කියන්නේ ආරක්ෂක හමුදාවක් නැති කුඩා රටක්, මෙතෙක් මාළදිවයිනේ ආරක්ෂාව බාරව කටයුතු කලේ ඉන්දියන් හමුදාව.. මෑතකදී චීනයේ යටිකූට්ටු උපදෙස් මත ඉන්දියානු හමුදාව ඉවත්කරගන්නා ලෙස මාළේ රාජ්‍ය නායකයා ඉන්දියාවට දැනුම්දීම වැනි චීන හිතවාදී සිද්දි දාමය මේ තත්වයට හේතුවෙන්න ඇති.. සමහරවිට තව දින කීපයකින් මාළෙ ඇතුලේ තවත් බංග්ලාදේශයක් හැදෙයි.

බංග්ලාදේශයේ ඉරණමට ෂෙක් හසීනා චීනය සමඟ කරන්ට යෙදුන අවිගනුදෙනුව හේතුවෙන්ට ඇති..

ලංකාව ඇතුලේ මට හිතෙන්නේ රාජපක්ෂලා ඕනෑවට වඩා චීනෙට හේත්තුවෙලා කරපු ආර්ථික ගනුදෙනුව හේතුවෙන්ට ඇති…

ලංකාව කියන්නේ චූටි දුර්වල රාජ්‍යයක්.. කලාපෙ මහ බලවතෙක් එක්ක කටමැත දොඩවගෙන ගේම ඉල්ලගෙන ගිහින් ලංකාව ඇතුලේ ඉන්න මෝඩ ජාතිකවාදීන්ට ගොං ආත්ල් දෙන්ට පුළුවන් … හැබැයි රටක් විදියට ගත්තම ඒවගේ වැඩවලින් හොඳම එකෙන් කෙළවාගන්නවා හැර වෙන දෙයක් වෙන්නෙ නෑ..

අපිට කරන්න තියෙන්නේ කලාපයේ මහ බලවතා එක්ක සහජීවනයෙන් උදවු උපකාර අරගෙන නව භූ දේශපාලනය බැලන්ස් කරන එක විතරයි…

වියට්නාමය වගේ ඉන්දියාවට එපිටින් තියෙන රටකට සම්පූර්ණයෙන්ම චීනෙට හේත්තුවෙලා පැවැත්ම හදාගන්ට පුළුවන් ඇති.. හැබැයි ලංකාව වගේ ඉන්දියාවට ගෑවි ගෑවි තියෙන රටකට එහෙම කරන්න බෑ..

දැන් කොහොමත් ඉන්දියාව තමන් කැමති නැති බලවේගයකට ලංකාවේ ආන්ඩු කරන්න දෙන්නෙ නෑ ….

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වයසට අභියෝග කරන හොලිවුඩයේ ජීවමාන පුරාවෘත්තයන්!

සටහන – පුලී ජනවාරි 19, කොළඹ (LNW):ලෝකයේ කීර්තියට පාත්‍ර වූ...

අභාවප්‍රාප්ත නන්දන ගුණතිලක මහතාට අවසන් ගෞරවය දැක්වීමට විපක්ෂ නායකවරයා එක්වෙයි

නන්දන ගුණතිලක මහතාගේ හදිසි වියෝව හා අභාවය සම්බන්ධයෙන් තමා...

වැලිකඩ බන්ධනගාරයෙන් හමුවූ ජංගම දුරකතන CIDට!

රෂිකා හෙන්නායක ජනවාරි 19 ,කොළඹ LNW : බන්ධනාගාර බුද්ධි අංශය...

සර්වඥ ධාතු ප්‍රදර්ශනයට සූදානම්. ජනාධිපතිවරයා විශේෂ සාකච්ජාවකුත් කැඳවයි!

කොළඹ LNW:ඉන්දියාවේ සිට වැඩම කෙරෙන සර්වඥ ධාතූන් වහන්සේ ප්‍රදර්ශනය...