මැතිවරණ කොමිසමෙන් තවත් තහනමක්!

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 31 , කොළඹ (LNW):

2024 ජනාධිපතිවරණයට අදාළව අත්පත්‍රිකා ගෙන් ගෙට බෙදා හැරීම සඳහා පෙරහර හෝ පෙළපාලි ආකාරයට ජන සමූහ ලෙස ගමන් කිරීම තහනම් කර ඇත.

එසේ කටයුතු කරන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එහිදී අත්පත්‍රිකා බෙදා හැරීමේදී සංගීත වාදන සහ ප්‍රදර්ශන පුවරු යොදා නොගත යුතු බවද මැතිවරණ කොමිෂන් සභාව සියලු පක්ෂවලට දැනුම්දී ඇත.

තවද මැතිවරණ සමයේදී දේශපාලන පුවත් හා ලිපි හෝ දැන්වීම් අතිරේක යනාදිය රජයේ හෝ රජයේ ආයතනවල වියදමින් පළ නොකරන ලෙසද දැනුම්දී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

කොමිසම සදහන් කරන්නේ, රජයේ නිලධාරීන් මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා යොදා ගැනීමෙන් වැළකිය යුතු බවත් රජයේ කාර්යාල පාසල් ආදී කිසිදු ආයතනයක හෝ එම පරිශ්‍රයන්හි ඡන්ද ආයාචනා කිරීම, අත්පත්‍රිකා බෙදා හැරීම, ප්‍රදර්ශන පුවරු හෝ දැන්වීම් ප්‍රදර්ශනය කිරීම නොකළ යුතු බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව ක්‍රිකට් පුහුණු මධ්‍යස්ථානයේ පීත්ත පටිය විශ්මි අතින් කැපෙයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 18, කොළඹ LNW: දඟ පන්දු යැවීම සඳහා...

ජපානයේ Noritake Company Limited වෙතින් රු.මිලි.20ක මූල්‍ය ප්‍රදානයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : ජපානයේ Noritake Company...

මධ්‍යම පළාතේ පාසල් වෙත යළි නිවාඩු!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:මධ්‍යම කඳුකරයේ පවතින අයහපත්...

නාමල්ගේ මාලිමා දමනය !

ග්‍රවුන්ඩ් එකේ නැත්නම් බිමේ වැඩකරනවා කියන එක වමට අයිති...