සුරාබදු කාර්යාලයේ නිලධාරීන් තිදෙනෙකු උතුරු පළාත් අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට : ලක්ෂ 20ක අල්ලසක් ඉල්ලලා

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 31, කොළඹ LNW:

උතුරු පළාත් අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති එස්. සංජීව මහතාට ලැබුණු බුද්ධි තොරතුරක් අනුව , මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් බව පවසමින් ලක්ෂ 20ක අල්ලස් ලබා ගැනීමට තැත් කළ චන්කානයි හි සුරාබදු කාර්යාලයේ නිලධාරීන් තිදෙනෙකු උතුරු පළාත් අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

ඊයේ (30) සවස සිදුකළ වැටලීමකදි මෙම තිදෙනා අත්අඩංගුවට ගෙන ඇති බව වැඩිදුරටත් වාර්තා වන අතර, මෙම සුරාබදු නිලධාරීන් තිදෙනා මාදගල් ප්‍රදේශයේ වෙරළ තීරයකදී හොරයින් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන පසුව තමන් මත්ද්‍රව්‍ය කාර්යාංශයට අයත් බව පවසා ඇත. අනතුරුව ඔහුව චන්කානෙ හි පිහිටි සුරාබදු කාර්යාලය වෙත රැගෙන ගොස් ඇති අතර, එහිදී ඔහු සතුව තිබූ ජංගම දුරකථනයෙන් ඔහුගේ සහෝදරිය වෙත අමතා ඇති සැකකරුවන් විසින් අදාළ පුද්ගලයා නිදහස් කිරීමට රුපියල් ලක්ෂ 20ක මුදලක් අවශ්‍ය බව පවසා ඇති බව වාර්තා වේ.

පසුව , අදාළ කාන්තාව විසින් මෙම සිද්ධිය සම්බන්ධව උතුරු පළාත් අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා දැනුවත් කර ඇති අතර ඒ අනුව සිදුකළ වැටලීමකදි අදාළ සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් පිරිස අවුරුදු 48,36,32 වයස්වල පසුවන සුරාබදු ප්‍රධාන නිලධාරීවරයෙකු සහ සුරාබදු නියාමකවරුන් දෙදෙනෙකු බවද පොලීසිය පවසන අතර, අත්අඩංගුවට සැකකරුවන් තිදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමටද නියමිත බව පොලිසිය වැඩිදුරටත් පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදාවට ලක්වූවන්ගේ සුවදුක් විමසීමට ජනපතිත් යයි!

කොළඹ LNW:ආපදාවෙන් විපතට පත් වූ ජනතාව රැදි සිටින මාතලේ,...

වෙඩි තැබීමක් : එක් අයෙක් ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : අද (06) රාත්‍රි‍...

දෙගොඩතලා ගිය මහා ජල කඳින්, බිඳී ගිය කඳු මතින් ආපහු පණ ගැහෙන්න දඟලනවුන්!

සටහන – පුලී දෙසැම්බර් 06, කොළඹ (LNW): මම ඇස් පියාගෙන...

ආපදා තත්ත්වයෙන් ජල සැපයුම් පද්ධතියට සිදුවූ හානිවලින් සියයට 90%ක් යථා තත්ත්වයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : ආපදා තත්ත්වයෙන් ජල...