ශ්‍රී ලංකා පාර්ලිමේන්තු නියෝජිත පිරිස ඉන්දීය ලෝක් සභාවේ ඇගයීමට ලක්වේ!

රෂිකා හෙන්නායක අගෝස්තු 31, කොළඹ LNW:

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ආරාධනයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය, ආණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායක සහ ශ්‍රී ලංකා-ඉන්දියානු පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා පාර්ලිමේන්තු නියෝජිත පිරිසක් ඉන්දියාවේ නිල සංචාරයක නිරත වුහ.

එහිදී, මෙවැනි නිල සංචාර තුළින් ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් වන බව ඉන්දීය ලෝක් සභාවේ කථානායකවරයා පෙන්වා දෙයි.

එම සංචාරය අතරතුර සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ඇතුළු පාර්ලිමේන්තු නියෝජිත පිරිස ඉන්දීය ලෝක් සභාවේ කථානායක ඕම් බිර්ලා Shri Om Birla  මහතා ඉන්දීය පාර්ලිමේන්තු කථානායක කාර්යාලයේ දී හමු වී සාකච්ජාවක නිරත වූ අතර, එහිදී කථානායකවරයා අවධාරණය කරන ලද්දේ මෙවැනි සංචාර තුළින් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර, විශේෂයෙන් පාර්ලිමේන්තු සහයෝගීතාව, සෞඛ්‍ය, මාධ්‍ය සහ අධ්‍යාපනය යන ක්ෂේත්‍රවල ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් වනු ඇති බවයි.

 ලෝක් සභාව සහ රාජ්‍ය සභාව සමඟ සම්බන්ධ වී කටයුතු කිරීම, සභා ගර්භ සහ පාර්ලිමේන්තු පුස්තකාලය නිරීක්ෂණය, ඉන්දියානු මාධ්‍යයේ කාර්යභාරය, පාර්ලිමේන්තු කාරක සභා පද්ධතිය, උසස් අධ්‍යාපනය, මහජන සෞඛ්‍ය, පාර්ලිමේන්තු වරප්‍රසාද සහ ආචාර ධර්ම වැනි ප්‍රධාන ක්ෂේත්‍ර පිළිබඳව මෙහිදී  දීර්ඝ වශයෙන් සාකච්ඡා සිදුවිය.

දූත පිරිස සඳහා සංවිධානය කර තිබූ වැඩසටහනට සෞඛ්‍ය විශිෂ්ටතා මධ්‍යස්ථානය (Centre for Excellence in Health) නිරීක්ෂණය, ඉන්දියානු වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනයේ (FICCI) ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමග සාකච්ඡා පැවැත්වීම ඇතුළු වැඩසටහන් ගණනාවක් ඇතුළත් විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බහරේනයේ ඇමෙරිකානු රේඩාර් පද්ධතියකට ඉරානයෙන් ප්‍රහාරයක්!

කොළඹ LNW:ඉරානය බහරේනයේ ඇමෙරිකා රේඩාර් පද්ධතියකට ප්‍රහාර එල්ල කර...

මත්ද්‍රව්‍ය යැයි සැක කෙරෙන ද්‍රව්‍ය සහිත ධීවර යාත්‍රාවක් අද ගාල්ල වරායට!

රෂිකා හෙහෙන්නායක නොවැම්බර් 13, කොළඹ LNW : මත්ද්‍රව්‍ය අඩංගු යැයි...

අත්‍යවශ්‍ය ආහාර රැසක විශේෂ වෙළඳ භාණ්ඩ බදු අඩු කිරීමේ ගැසට් නිවේදනය නිකුත් වෙයි!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයකට පනවා තිබූ විශේෂ...

LAUGFS ගෑස් වෙතින් නිවේදනයක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 13, කොළඹ LNW : LAUGFS ගෑස් මෙට්‍රික්...