රාජ්‍ය ත්‍රස්තවාදය ක්‍රියාත්මක කරන්නද අපේ සහයෝගය ඉල්ලන්නෙ ? – සජිත්

Date:

තම ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය උපයෝගී කරගනිමින් සාමකාමි ලෙස විරෝධතා දැක්වූ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසුන් රැසක් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බවත්, මේ අන්තනෝමතික ක්‍රියාවලිය සිදු කළේ කුමන පදනමකින්දැයි යන්න ආණ්ඩුව රටට පැහැදිලි කළයුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ආණ්ඩුව රාජ්‍ය ම්ලෙච්ඡත්වය, රාජ්‍ය ත්‍රස්තවාදය ක්‍රියාත්මක කරමින්, අන්තනෝමතික ලෙස පිරිස් අත්අඩංගුවට ගනිමින් සිටින බව ද ඒ මහතා පෙන්වා දෙනවා.

ඊයේ කොළඹදී පැවති විරෝධතා පා ගමන අතරතුර අත්අඩංගුවට ගත් විශ්වවිද්‍යාල සිසුන් ඇතුළු පිරිස සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අවධානය යොමු කරමින් විපක්ෂ නායකයා මේ බව සඳහන් කළේය.

සර්වපාක්ෂික වැඩපිළිවෙලකට සහයෝගය ඉල්ලා සිටින අතරේ ඊට විපක්ෂය සූදානම්ව සිටින අතරේ ආණ්ඩුව මේ අන්දමේ ප්‍රජාතන්ත්‍රවිරෝධී අන්තනෝමතික ක්‍රියාවලිවල යෙදෙන විට තමත් සහයෝගය ලබාදෙන්නේ ලබා දෙන්නේ කෙසේදැයි විපක්ෂ නායකයා ආණ්ඩුවෙන් ප්‍රශ්න කරනවා.

ඊට ප්‍රතිචාර දක්වමින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ ඊයේ අත්අඩංගුවට ගත් පුද්ගලයන් සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පියවර ගැනීමේ කිසිදු බලාපොරොත්තුවක් නොමැති බවයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආසියානු රයිෆල් සහ පිස්තෝල වලදී, ලාංකේය ඉලක්ක රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් මත පතිත වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ඉන්දියාවේ නවදිල්ලි නුවර 2026...

වැසි තත්වයේ වෙනසක් – අද (12) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 12) දිනයේදී මධ්‍යම, ඌව,...

ජනපතියි අපියි මේ රට නිසැකවම ලෝකයේ බලවත්ම රාජ්‍යයක් කරනවා. T20 සිද්ධියෙනුත් පෙනුනේ ඒකයි – මන්ත්‍රී ලාල්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු වත්මන් ආණ්ඩුව විසින්...

විපක්ෂ නායක සජිත් යුරෝපා සංගම් නියෝජිත පිරිස හමුවේ රට ගොඩ නැගීමට “ණය නොවන” සැලැස්මක් යෝජනා කරයි

දිත්වා සුළි කුණාටුවෙන් පසුව ශ්‍රී ලංකාව මුහුණ දෙන දැඩි...