ආනයන තහනම තිබියදීත් වාහන ගෙන්නලා

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): වාහන ආනයන තහනමෙන් පසු විශේෂ කටයුතු සඳහා පමණක් වාහන 6,900කට ආසන්න ප්‍රමාණයක් මෙරටට රැගෙන ඒමට අවසර දුන් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසන අතර, එම වාහනවලින් 3,000ක්ම පොලිස් දෙපාර්තමේන්තුවට රැගෙන ආ ත්‍රිරෝද රථ හා ජීප් රථ බවයි අමාත්‍යවරයා කියාසිටියේ.

එසේම ගිලන් රථ, පොදු ව්‍යාපෘතිවලට අවශ්‍ය රථ, තානාපති කාර්යාලවලට අවශ්‍ය රථ ආදි පොදු අවශ්‍යතාවයන්ට හැරුණූකොට වෙනත් කිසිදු වාහනයක් ගෙන්වීමට අවසර ලබා නොදුන් බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

ඒ පිළිබඳ වැඩිදුරටත් පැහැදිලි කරන අමාත්‍යවරයා ,

“2020 ජූනි මාසේ 5 තමා අපි නැවැත්තුවේ වාහන ගෙන්වන එක. පසුගිය දා අපි අවසර දුන්නා ඒ සඳහා පොදු ප්‍රවාහනයට. ඒ වෙනකල් වාහන ගෙනල්ලා තියෙනවා 6,900ක් වගේ විශේෂ කටයුතු සඳහා. මෙයින් 2,000ක් තියෙන්නේ පොලීසියට අවශ්‍ය ත්‍රීවිල්. තව 1,000ක් පොලීසියට අවශ්‍ය රථ. ගිලන් රථ, පොදු කටයුතුවලට අවශ්‍ය රථ, තානාපති කාර්යාලවලට වගේ. එවැනි පොදු කටයුතු හැර වෙන ඒවට අපි අවසර ලබාදීලා නෑ. වැරදි විදියට ගෙනාපු වාහන තියෙනවා නම් වහාම අත්අඩංගුවට ගන්න කටයුතු කරනවා.”

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් මහින්ද සහ ලොහාන් …

බීබීසියේ සරෝජ් පතිරණ මම ලොහාන් රත්වත්තේ ගැන ලියපු පෝස්ට්...

නියෝජ්‍ය ඇමතිලාට විශ්වාසභංග දැම්මාට වැඩක් නෑ, මන්ත්‍රී කෙනෙකුට දැම්මා වගේ තමා – ඇමති වසන්ත

ජාතික ජන බලවේග ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍යවරයකුට එරෙහිව විපක්ෂය විශ්වාසභංග...

ශ්‍රී ලංකා රේගු ඉතිහාසයේ මාසයකදී ලැබූ වැඩිම ආදායම රු.බි.235ක් ජූලි මාසයෙන්!

රෂිකා හෙන්නායක අගෝස්තු 16, කොළඹ LNW : පසුගිය ජූලි මාසයේදී...