ගාසාවේ දරුවන්ට පෝලියෝ එන්නත් ලබාදීම ඇරඹේ!

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 01, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

මේ වනවිට ගාසා තීරයේ රැදි සිටින ළමුන් සදහා පෝලියෝ එන්නත් ලබාදීමේ වැඩසටහනක් ආරම්භ කර ඇති බවත්, ප්‍රාදේශීය සෞඛ්‍ය නිලධාරීන් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය එක්ව එන්නත් හය ලක්ෂ හතලිස් දහසක් ලබාදීමට කටයුතු කරන බවත්, විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එන්නත් ලබාදීමේ වැඩසටහන ඵලදායී වීමට නම් අවම වශයෙන් අවුරුදු 10ට අඩු ළමුන්ගෙන් සියයට 90ක ප්‍රතිශතයක් කෙටි කාලයක් තුළ ප්‍රතිශක්තීකරණය කළයුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

මෙම වෛරසය තවත් ළමුන්ට අසාධනය වුවහොත් එය කලාපය තුළ දරුණු තත්ත්වයක් ඇතිකරන බව,වසර 25කට පසු ගාසා තීරයෙන් හමුවූ තහවුරු කරගත් පළමු පෝලියෝ රෝගියා සොයා ගැනීමෙන් පසු එක්සත් ජාතීන්ගේ සංවිධානය පැවසූ අතර, මෙම එන්නත් ලබාදීම සදහා ඊශ්‍රායලය සහ  හමාස් සටන්කාමීන් අතර සටන් විරාමයක් ද ප්‍රකාශයට පත්කර ඇති බවද එරට මාධ්‍ය වාර්තා කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාලිමාව ගාල්ල මහ නගරසභාවේ අයවැයත් පරදී !

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජනබලවේගයට බලය හිමි ගාල්ල මහ...

Rank Container Terminal (Pvt) Ltd සහ Senura Civil Engineering (Pvt) Ltd වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය මෙන්ම...

José Antonio චිලී ජනාධිපති ධුරයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): José Antonio...

ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි!

අද (15) පෙරවරුවේ ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික...