ගාසාවේ දරුවන්ට පෝලියෝ එන්නත් ලබාදීම ඇරඹේ!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 01, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

මේ වනවිට ගාසා තීරයේ රැදි සිටින ළමුන් සදහා පෝලියෝ එන්නත් ලබාදීමේ වැඩසටහනක් ආරම්භ කර ඇති බවත්, ප්‍රාදේශීය සෞඛ්‍ය නිලධාරීන් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය එක්ව එන්නත් හය ලක්ෂ හතලිස් දහසක් ලබාදීමට කටයුතු කරන බවත්, විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එන්නත් ලබාදීමේ වැඩසටහන ඵලදායී වීමට නම් අවම වශයෙන් අවුරුදු 10ට අඩු ළමුන්ගෙන් සියයට 90ක ප්‍රතිශතයක් කෙටි කාලයක් තුළ ප්‍රතිශක්තීකරණය කළයුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

මෙම වෛරසය තවත් ළමුන්ට අසාධනය වුවහොත් එය කලාපය තුළ දරුණු තත්ත්වයක් ඇතිකරන බව,වසර 25කට පසු ගාසා තීරයෙන් හමුවූ තහවුරු කරගත් පළමු පෝලියෝ රෝගියා සොයා ගැනීමෙන් පසු එක්සත් ජාතීන්ගේ සංවිධානය පැවසූ අතර, මෙම එන්නත් ලබාදීම සදහා ඊශ්‍රායලය සහ  හමාස් සටන්කාමීන් අතර සටන් විරාමයක් ද ප්‍රකාශයට පත්කර ඇති බවද එරට මාධ්‍ය වාර්තා කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මට්ටක්කුලියේ බිහිසුණු රිය අනතුරකින් තිදෙනෙක් මරුට. තවත් 8 දෙනෙකුට තුවාල !

මට්ටක්කුලිය, රාස්සමූණකන්ද ප්‍රදේශයේදී අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක්...

ඩොලරයේ අගයේ හදිසි වෙනසක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා රුපියලේ හදිසි අවප්‍රමාණය වීමක්...

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...