ශ්‍රී ලාංකිකයෙක්ව ඔස්ට්‍රේලියාවේ අධිකරණයක් මගින් වැරදිකරු බවට නියෝග කරයි!

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 01 , කොළඹ (LNW):

සිය දික්කසාද බිරිඳව කපාකොටා ඝාතනය කළ ශ්‍රී ලාංකිකයෙක්ව ඔස්ට්‍රේලියාවේ අධිකරණයක් මගින් වැරදිකරු බවට නියෝග කර අති බව එරට මාධ්‍ය වාර්තා කරයි.ඒ ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයට ආසන්න සෑන්ඩ්හර්ස්ට් ප්‍රදේශයේදීය.

47 හැවිරිදි දිනේෂ් කුරේරා අධිකරණයේදී පවසා තිබුණේ තම ආරක්ෂාව සඳහා තමා කටයුතු කළ බව වුවත් , නමුත් ජූරිය එම ප්‍රකාශය පිළිගෙන නොතිබුණු බව වාර්තා වේ. සිකුරාදා (30) දින වික්ටෝරියා ප්‍රාන්ත ශ්‍රේෂ්ඨාධිකරණය එම නියෝගය නිකුත්කර තිබුණි.

2022 වසරේ දෙසැම්බර් 3 වනදා නිලෝමී පෙරේරා ට නිවස තුළදීම පහරදී ඇති අතර කුරේරා තමා එම ඝාතනය සිදුකළ බවට පිළිගත්ත ද ඔහු පවසා තිබුණේ සිය ජීවිත ආරක්ෂාව සඳහා ඔහු එවැන්නක් කළ බවයි. ඔහු නඩු විභාගයේදී පවසා ඇත්තේ සිය දික්කසාද බිරිඳ තමාට පිහියක් එල්ලකර තර්ජනය කළ බවත් තමාගේ ඇඟිල්ලක් හැපූ බවත් ය. ඇය තමාට පහරදෙතැයි ඇතිවූ බිය නිසා පොරොවකින් ඇයට පහර කිහිපයක් එල්ලකළ බව කුරේරා අධිකරණයේදී පැවසීය. නමුත් රජයේ නීතිඥයින් පැවසුවේ එම කාන්තාවගේ සිරුරේ තුවාල 35ක් පමණ තිබු බවයි.

මව සහ පියා ගේ ගැටුම ඔවුන්ගේ දියණිය සහ පුත්‍රයා දැක ඇති අතර පුත්‍රයා ආධාර ඉල්ලා කෑ ගසන අතරතුර කුරේරා ඔහුට ද පහරදීමට උත්සාහ දරා ඇති බව අධිකරණයේදී හෙළිවිය. 16 හැවිරිදි දියණිය සහ 17 හැවිරිදි පුත්‍රයා ද අධිකරණයේදී සාක්ෂි ලබාදී තිබේ. තම පියා මවට පහරදුන් ආකාරය ඔවුන් විස්තර කර තිබුණු බව එරට මාධ්‍ය වාර්තා කර තිබිණ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චෝදනාවල සත්‍යතාවක් නෑ.මෛත්‍රී උත්තර බදියි!

කොළඹ LNW:අනුරාධපුර එප්පාවල විවිධ සේවා සමූපකාර සමිතියට අදාළව තමා...

අපිට මේක තනියම කරන්න පුළුවන් වැඩක් නෙවෙයි.හැමෝම සහය වෙන්න – නි. ඇමති මහින්ද ජයසිංහ (VIDEO)

කොළඹ LNW:රට වෙනස් කිරීමේ කටයුත්ත ආණ්ඩුවක් ලෙස තනිව කළ...

ඊශ්‍රායලයේ වාණිජ නගරයක් වන ටෙල් අවිව් වෙත ඉරානයෙන් මිසයිල ප්‍රහාරයක්!

රෂිකා හෙන්නායක ජූනි 21, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායලයේ වාණිජ...

අනාරක්ෂිත දරුවන් වෙනුවෙන් වැඩපිළිවෙලක්!

රෂිකා හෙන්නායක ජූනි 21, කොළඹ LNW : ළමා හා කාන්තා...