*
Tuesday, September 17, 2024
spot_img

Latest Posts

දිනන්නේ රනිල්, බය නැතිව වැඩ කරන්න – මනූෂ

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 01 , කොළඹ (LNW):

  • ඝෝඨාභයට වැරදි උපදෙස් දීපු අය දැන් ඉන්නේ සජිත් ලඟ – තව ටිකක් ජවිපෙ ළග
  • කැට හොල්ලන්නේ නැති ජවිපෙට සල්ලි කොහෙන්ද? බංගලිදේශය වට්ටපු කණ්ඩායම තමයි ජ.වි.පෙ ට සල්ලි දෙන්නේ
  • සජිත් කරනවා කියන ඒවා රනිල් කරලා ඉවරයි.

ඉතා සාර්ථක ආර්ථික වර්ධනයක් සහිතව ඉදිරියට යනින් සිටි බංග්ලාදේශය මාසයක්
ඇතුළත බංකොළොත් රාජ්‍යක් බවට පත් කරන්නට එරට අරගලකරුවෝ සමත්වූ බවත්, ශ්‍රී ලංකාව එම අවසනාවන්ත ඉරණමෙන් අන්තිම පැය විසිහතරේදී බේරා ගන්නට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමත්වූ බවත් විදේශ රැකියා පිළිබඳ ජනාධිපති උපදේශක මනුෂ නානායකකාර පැවසීය .

මීට මාස දෙකකට පෙර බංගලිදේශ ආර්ථිකය විනාශ කරන්නට අරමුදල් සැපයූ විදෙස්ශීය රටවල් වර්තමානයේ ජනතා විමුක්ති පෙරමුණ වැනි දේශපාලන ව්‍යාපාර පිටුපස සිටිය හැකිබව අප අමතක නොකළ යුතුබව ඔහු වැඩි දුරටත් පැවසීය.

සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරණයට ඉදිරිපත් කර ඇති ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දක්වා ඇති බොහො කරුණු වත්මන් රජය දැනටමත් ක්‍රියාත්මක කර ඇතිබවත්, එම වැඩ පිළිවෙල ඉදිරියට ගෙනයාමට වඩාත් හොඳ හැකියාවක් ඇත්තේ වත්මන් ජනාධිපතිවරයාට බවත් ඔහු එහිදි අවධාරණය කළේය.

ගාල්ල නෙළුව පැවති මහජන හමුවක් අමතමින් ඔහු මේ බව පැවසීය.

” ඝෝඨාභය මහත්තයාගේ කාලේ මොකද වුනේ . බදු ආදායම් අහිමි වුනා . බදු කපා හැරියා පොහොර දෙන්නේ නෑ කීවා වැරදි තින්දු. එතකොට ඒ වැරදි තීන්දු ගන්නද ඔබ ඡන්දේ දුන්නෙ ඝෝඨාභය මහත්තයාට. ඒ වැරදි තීන්දු ගන්න කොට කවුද පිටිපස්සෙන් හිටියේ ගෝඨාභය මහත්තයාගේ . වැරදි තීන්දු ගන්නද ,මෙතන ඉන්න පොදු ජන පෙරමුනේ අය ඡන්දෙ දුන්නෙ ඝෝඨාභය මහත්තයට. නෑ… මේ අය ඝෝඨාභය
මහත්තයට ඡන්දේ දුන්නේ හරි වැඩ කරන්න. රටේ විනයක් හදන්න . රටේ ක්‍රමයක්
හදන්න . ආර්ථිකය හදන්න . හැබැයි උපදෙස් දුන්නේ කවුද . නාලක ගොඩහේවලා, චරිත හේරත්ලා, ඩලස් අලහප්පෙරුමලා. ඔන්න වටේ හිටපු කට්ටිය. වියත් මගෙ කට්ටිය. ඒ අය තමා වැරදි උපදෙස් දුන්නේ . නැතිනම් මහින්ද මහත්තය කරනකොට ඔහොම උනේ නෑනේ.

නාලක ගොඩහේවලා, චරිත හේරත්ලා ඩලස් අලහප්පෙරුමලා කියන රට වට්ටපු කට්ටිය අද
කොහේද ඉන්නේ . ඒ අය අද ඉන්නවා සජිත් එක්ක. තව කට්ටියක් හිටියා වියත් මගේ, අපි තමයි ආචාර්යවරු මහාචාර්යවරු බොහොම දැන උගත් කට්ටිය කියලා කියපු. ඒකට්ටිය සහ ඒ වෙනුවෙන් කඩේ ගියපු ඡන්ද දායකයන් පිරිසක් හිටියා.

ගෝඨාභය මහත්තයා ආවට පස්සේ කවුරු හරි වරදක් කලොත් ඉස්සෙල්ලම පාරට බහින්නේ කියලා කිව්වා. මතකද කිව්වා. දැන් ඒ කට්ටිය කොහේද අන්න ඒ අය ඉන්නව දැන් ජ.වි.පෙ. චන්න ජයසුමනලා තවත් තැනක ඉන්නවා. එතකොට අර කෑගහපු අය, අන්න ඉන්නවා ජවිපෙ. අර ආචාර්ය මහාචාර්යවරු කට්ටියම ඉන්නවා එතන . පණ්ඩිතකම විතරක් තියෙන සෙට් එක දැන් ඉන්නවා ජ.වි.පෙ. එක මහාචාර්යවරයෙක් ඉන්නවා මට එයා ඊයේ පෙරෙදත් හමුවුනා රූපවාහිනී විවාදයකදි. අහන අහන ඕන ප්‍රශ්ණෙකට දෙන උත්තරය තමා වංචාව, දූෂණය. ”ඕගොල්ලන්ට නෑනෙ කණ්ඩායමක්” කියලා අපි කියනකොට මේ මනුස්සයා කියනවා වංචාව දූෂණය හොරකම, ඔබලා රට කරන්න කොහොමද කියලා ඇහුවොත් මේ මනුස්සයා
කියනවා වංචාව දූෂණය හොරකම කියලා.

මේ මනුස්සයා වැඩසටහන කරන අතරේ ඔහුගේ ආයතනය කිව්වා . විනිමය සුරැකුම්පත්
කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක මණ්ඩලයේ හිටිය කිව්වා. මට එතකොටයි ඔළුවට ආවෙ කවුද කියලා . නාලක ගොඩහේවාත් හිටියා විනිමය සුර සුරැකුම්පත් කොමිෂන් සභාවේ . දැනට නඩුවක් තියෙනවා කාල්ටන් ස්පෝර්ට්ස් එකට ක්‍රිෂ් කියලා ආයතනයකින් සල්ලි වගයක් අරගෙන. ඒකියන්නේ රගර් ගහන්න විනිමය සුරකුම්පත් කොමිසමේ සල්ලි දුන්නද මොකක්ද කියලා නඩුවක් තියනවා උසාවියේ . නාමල්
මහත්තයාට රගර් ගහන්න විනිමය සුරකුම්පත් කොමිෂන් ස්වභාවේ සල්ලි දුන්නා කියලා . රගර් සහ විනිමය සුරැකුම්පත් කියන්නේ කිසිම සම්බන්ධයක් නැති ආයතන දෙකක් .

මේ විනිමය සුරැකුම්පත් කොමිසමේ අධ්‍යක්ෂක මණ්ඩලයේ හිටපු හාදය තමයි දැන් මේ ආර්ථිකය ගැන කතා කරන්නේ . දැන් ඉස්සරහට අද දාලා තියෙන්නේ එයා. සුනිල් හදුන්නෙත්ති කතා කළොත් කියනවානේ හොක් ගියොත් කියලා . ඒ නිසා දැන් හඳුන්නෙත්ති එළියට දාන්නේ නෑ . මොකද හදුනෙත්තිලාටත් තියෙනවා ප්‍රශ්නයක්, අනුර කුමාරටත් තියෙනවා ප්‍රශ්නයක්, වැරදිලා හරි ඉස්සරහට ආණ්ඩු බලයක් ආවොත් මේක කරන්නේ කොහොමද කියලා. දනවා කාරන්න බෑ කියලා . ඒක අනුර කුමාරටත් තේරෙනවා හඳුන්නෙත්තිටත් තේරෙනවා ලාල් කාන්තටත් තේරෙනවා. අන්න ඒ නිසා මුන් දැන් මුන්ටම ගහගන්නවා .

බලන්න කියන කතා පාර්ලිමේන්තුව විසුරලා ලේකම්ලා වැඩ කරනවා කියනවා. ව්‍යවස්ථාව දන්නැතිකම නෙමෙයි . අනනවා. වැඩේ අණනවා . වැරදිලා හරි ආණ්ඩු බලයක් ගත්තොත් මේක කරන්න බෑ. ඒක දන්නවා. පිටරට වලින් හදන රැල්ලක් තමයි මේ තියෙනේ .

රනිල් වික්‍රමසිංහ මහත්තයා රට ගොඩගන්න හරියට වැඩේ කරාම සමහර රටවලට ඒක බලපානවා. ඒ රටවල් සපෝට් එක දෙනවා මේ රට අවුල් කරන්න . දැන් ජ.වි.පෙ කැට හොල්ලනවා දැක්කද බස් ස්ටැන්ඩ්වල . නෑ නේද . ගම්වල ඇවිත් ටිකට් විකුණනවාද? නෑ නේද . එතකොට හොහෙන්ද මේ සල්ලි . ගම්වල කාර්යාල දාන්න . හැම රැස්වීමකටම බස් අරගෙන සෙනග ගෙනියන්නේ කොහොමද . ඉස්සර කෑම දුන්නද. නෑ ඒත්
දැන් දෙනවා. දැන් එක රැස්වීමකට යනවා එතනින් තව රැස්වීමකට යනවා. ජ,වි,පෙ
සමජිකයන්ට රැකියාව බස් එකේ යාම බවට පත්වෙලා තියනවා .

බස් සංගම් කියනවා දවසකට කෝටි ගානක් බස්වලට විතරක් වියදම් කරනවා කියලා.කෝ ඒවට සල්ලි . කවුරුහරු සල්ලි දෙනවා. රට වට්ටන්න බලන් ඉන්න අය තමයි ජ.වි.පෙ ට සල්ලි දෙන්නේ. ඒ වගේ කණ්ඩායම් තමයි බංගලිදේශය වැට්ටුවේ. අය නිසා තමයි අද බංගලාදේශයේ වැටිලා, නන්නත්තාර වෙලා තියෙන්නේ. මාලදිවයින වැටෙන්න පටන් ගන්නවා. ඉන්දුනීසියාවේ ආර්ථික අර්බුදයක් ලඟ එනවා
. හැබැයි අපේ රට වැටුන තැනින් රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගොඩ ගත්තා. දැන් ඒක වට්ටන්න්න කවූරු හරි එළියේ ඉඳලා සල්ලි දෙනවා . ඒ සල්ලි තමා මේ වීසී කරන්නේ . ඒ සල්ලි විසි කරන නිසානේ බයිසිකලින් යන්නම් ත්‍රිවිල්ලකින් යන්නම් කියපු හදයෝ දැන් ප්‍රාඩෝ, වී එයිට් වල යන්නේ .

මෙහෙම හදන බොරු රැල්ලට රැවටිලා මිනිස්සු වැරදි තීරණයක් ගත්තොත් මුන්
දන්නවා රට කරන්න බෑ කියලා . ඒකෙන් නින්දා දැන් ඒගොල්ලෝම මේක පොඩ්ඩක් පස්සට අදිනවා . අපේ මිනිස්සුත් රැළි වලට අහුවුනොත් රැල්ලටම යනව. මුකුත් එපා හිතන්න දොළුකන්ද ගැන. දොළුකන්දේ මොනවද පිරිත් පැන් තියෙනවා කිව්වම බස් අරංග ගියානේ . තව කොහෙද නිකවැරටි ගියානේ බස් අරගෙන පිළිමයක් මතුවෙනවා කීවාම . ඒ කාලේ දොළුකන්දට ගියේ නැත්තං කොන් වෙනවා වගේ හැඟීමක් හැමෝම
තිබුනා . බස් එකක් නැතිනම් වෑන් එකක් හරි අරන් දොළුකන්දේ යනවා . ඒ දවස්වල දොළුකන් දෙවියන්ට කිව්වේ ”ලීසින්” දෙයියො කියලා . ගියේ නැත්නම් කොන් වෙනවා කියලා මිනිස්සු හිතුවා .

දැන් ගම්වලත් අපි මාළිගාවට කිව්වේ නැත්නම් කොන් වෙනවා වගේ හැඟිමක් තියනවා. ඒ නිසා අහන අහන අයට කියනව අපි මාළිමාවට කියලා. හැබැයි බොරු රැල්ලක් . මිනිස්සු දන්නවා රට ගොඩගත්තේ කවුද රට ඉස්සරහට ගත්තේ කවුද කියලා . ආයිත් රට වැටෙන්නේ නැතුව තියාගන්න ඕන නම් කරන්න ඕනේ මොකක්ද කියලා මිනිස්සු දන්නවා.

අපි බංගල දේශීය බවට පත්වෙන්න ඕනෙ නැත්තං කරන්නේ මොකක්ද කියලා මිනිස්සු දන්නවා. එහෙම නැත්තං අවුරුදු දෙකකට ඉස්සෙල්ලා තිබුණු තැනට රට ගේන්න ඕ ඕනේනැත්තං කරන්න ඕන දේ මිනිස්සු දන්නවා. පෝළිම් නැතිකරන්න කරන ඕන දෙ මිනිස්සු දන්නවා. කොටින්ම මිනිස්සු දන්නවා අපි යන්න ඕන රනිල් වික්‍රමසිංහ මහත්තය එක්ක කියලා .

හැබැයි සමහර අය බයයි . ඇයි පසුගිය දවස්වල මිනිස්සුන්ට ගැහුවා. මන්ත්‍රීවරුනට ගැහුවා. උන්ට 87 – 89 ඉතිහාසයක් තියනවා. මගේ තාත්තා මරලා දැම්මේ ගමේ සාමාන්‍ය දේශපාලනය කරනකොට . ප්‍රාදේශීය සභාවට ඉල්ලන් හදනකොට මගේ තාත්තාව මරලා දැම්මා . මෙතන ඉන්නවා එහෙම අය කීදෙනෙක් ඉන්නවද . කොච්චර දෙනෙක් ගෙවල්වලට ඇවිල්ලා මරලා දැම්මද . ඒ නිසා මිනිසුරු සාධාරණ බයක්
ඇතිවෙනවා ප්‍රසිද්ධියේ අපි කථා කළොත් බයක් ඇතිවෙයිද කියලා . හැබැයි බය වෙන්න එපා . දිනන්නේ රනිල් වික්‍රමසිංහ. රනිල් දිනුවට පස්සේ ඔය එක බාප්ප කෙනෙකුටවත් මිනිස්සුන්ට තර්ජනය කරන්න හම්බවෙන්නේ නෑ.

එක තමයි කරේ පහුගිය කාලේ . මතකයිනේ අරගලේ ඉවර වෙලා එතුමා ජනාධිපති පුටුවට
ආව ගමන් . ත්‍රිවිධ හමුදව පොලිසිය හරියට ස්ථානගත කරලා ඔය ”කපා කපා කැලි
කපා” කිය කිය ආපු එවුන්ට මොකද කළේ . වතුර ගැහුවා, කඳුළු ගෑස් ගැහුවා,
බැටන් පහර දුන්නා, එලෙව්වා. වෙන උත්තර නෑ. රට කරගෙන යනකොට කරගෙන විදිය දන්නවා රනිල් වික්‍රමසිංහ මහත්තයා. එනිසා බය නැතිව බැහැලා වැඩකරන්න.

රනිල් වික්‍රමසිංහ මැතිතුමා දියුණුවට පස්සේ කාටවත් අත තියන්න දෙන්නේ නෑ . නීතිය සහ ඕගොල්ල රකින්න රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉන්නවා . බයවෙන්න එපා කවුරුවත් . ඔය ගම්වලට ඇවිල්ලා මිනිස්සු බය කරාට බයවෙන්න එපා. අර පරණ ක්‍රමය පාවිච්චි කරන්න එනවානම් ඒකට දෙන උත්තර රනිල් වික්‍රමසිංහ මහත්තයා ලඟ තියනවා.

ගම්වල ඇවිදින්න පටන් ගන්න . වැඩ කරන්න පටන් ගන්න . මං හිතන්නේ යුතුකම්
ගැනත් කතා කරොත් පහුගිය අවුරුද්දේ පලාතක් හැටියට ගත්තොත් තවලමට තමයි මම වැඩිම රස්සාවල් දීල තියෙන්නේ . පිටරට යන්න . තවලම ගෙවල් පහ හයකට හැරෙන්න. හැම ගේකටම රස්සා දීලා තියනවා පිටට යන්න . නෙළුවෙත් එහෙමයි . මේක තමයි ඇත්ත . වෙලාවට වැඩ කරපු අය මග ඇරිලා ඇති . එහෙම දේවල් වෙලා ඇති . හැබැයි වැඩ කරාද නොකලද කියන එක නෙමෙයි මුළු තවලම නෙළුවේ බහුතරයකට මුහුණු බලන්නේ නැතුව රස්සා දීලා දැම්මා . එහෙම තමයි අවස්ථාව අවම අපි උදව් කරන්න
ඕනේ . අත දිගහැරලා වැඩකරන්න ඕනේ.

එතකොට පක්ෂ බේදය බලන්න බෑ . යූ.ඇන්.පී කාරයොත් ශ්‍රී ලංකා කාරයොත් පොදු පෙරමුණු අයත් මට ඡන්දය දීලා තියෙනවා. මේ තුනේම අයත් එක්ක මං වැඩ කරලා තියෙනවා . මේ තුනේම අයත් එක්ක කාර්යාල දාලා, රැස්වීම් තියලා තියෙනවා . මට පක්ෂ බේදයක් නෑ. ඒකයි පක්ෂ බේදයක් නැතුව මේ ඔක්කොම කරේ.

දැන් ප්‍රතිපත්ති ප්‍රකාශන ආවනේ. මේ තියෙන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ
ප්‍රතිපත්ති ප්‍රකාශනය . ඒකේ නම සැමට ජයක් . ඒකෙ කියනව දූෂණ විරෝධී පනත ගැන . දූෂණය නැතිකරන්න, විනිවිධ භාවය, වගවීම ඇති කරන්න දූෂණ විරෝධී පණත ගේනව කියලා. අනේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඒ පනත ගෙනල්ල ඉවරයි. දන්නෙ නැතිව ඇති. පාර්ලිමේන්තුවේ ඉන්න නැතිව ඇති.

මේකේ තියනවා ආර්ථික පරිවර්ත පනත ගේන්වා කියලා . ඒකේ කියනවා ආර්ථික සම්බන්ධව ඒ ගොල්ලන්ගේ මතය. ණය අර්බුදය කළමණාකරණය, අයි.එම්.එෆ් ආයතනයත් සමග එකතුවෙලා කරන වැඩ ගැන දාලා තියෙනවා . අනේ ආර්ථික පරිවර්තන පනත ගෙනල්ලා සම්මත කරලත් ඉවරයි. චන්දෙ දෙන වෙලාවේ ඒගොල්ලෝ පැනලා ගියා. ඒ අවස්ථාවේ සමගි ජන් බලවේගයේ කට්ටියක් ආණ්ඩුවට එන්න හිටියේ. ඒ නිසා විරුධවත් ඡන්දේ දෙන්නේවත් නැතිව පැනලා ගියා.

තව තියනවා මහ බැංකු පනත ගැන. අපි මහ බැංකු පණත දාලා තියනවා. රජයේ මුදල් කළමණාකරනය කරන්න පනතක් ගේනවා කියලා. ඒවා අපි කරලා ඉවරයි. අවසාන වශයෙන් කියනවා රාජ්‍ය මුල්‍ය සහ විනිමය පාලනය සඳහා පනතක් ගෙන්වා කියලා. අපි ඒකත් හදලා ඉවරයි. ඒ සියල්ල අපි හදලා ඉවරයි. කරල ඉවරයි. මේ සියල්ල රනිල් වික්‍රමසිංහ මැතිතුමාගෙ නායකත්වයෙන් අපි කරලා ඉවරයි. ඒ ගොල්ලෝ හිතනකොට අපි කරලා ඉවරයි” ලෙස හිටපු අමාත්‍යවරයා කියා සිටියේය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan