ශ්‍රී ලංකාවේ සමුද්‍රීය ආරක්ෂාව ශක්තිමත් කිරීම සඳහා ඉන්දියාව ඩොනියර් ගුවන් යානයක් තිළිණ කරයි

Date:

ශ්‍රී ලංකාවේ සමුද්‍රීය ආරක්ෂාව ශක්තිමත් කිරීම සඳහා ඉන්දියාව විසින් 2022 අගෝස්තු 15 වන දින කටුනායක ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරේ පැවති විශේෂ උත්සවයක දී ඩෝනියර් සමුද්‍රීය නිරීක්ෂණ ගුවන් යානයක් ශ්‍රි ලංකාවට තිළිණ කරන ලදී. සිව් මාසයකට ආසන්න කාලයක් ඉන්දියාවේ පුහුණුව ලැබූ ශ්‍රී ලංකා නාවික හමුදා සහ ගුවන් හමුදා සාමාජිකයන් විසින් මෙම ගුවන් යානය මෙහෙයවනු ඇත. එසේම ඉන්දියානු නාවික හමුදාව සහ ගුවන් හමුදාව මේ සඳහා මෙහෙයුම් සහය ලබා දෙනු ඇත.

2. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා, මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා, ආරක්ෂක ලේකම් ජෙනාරාල් කමල් ගුණරත්න මහතා, ඉන්දීය නාවික හමුදාවේ නාවික මාණ්ඩලික උප ප්‍රධානී වයිස් අද්මිරාල් එස්. එන්. ඝෝර්මඩේ මහතා, ශ්‍රී ලංකාවේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සහ ශ්‍රී ලංකා යුධ, නාවික සහ ගුවන් හමුදා ප්‍රධානීන් මෙම අවස්ථාට සහභාගී වූහ. මෙම ගුවන් යානය ඉන්දියාවේ නිදහසේ 75 වන වසර සමරන අවස්ථාවේ දී ශ්‍රී ලංකාවට භාරදීම විශේෂත්වයකි.

3. මෙම ගුවන් යානය බල ගුණකයක් ලෙස ක්‍රියාකරමින් මිනිස් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්, වෙනත් ජාවාරම් සහ වෙරළාසන්න මුහුදේ සිදුවන වෙනත් සංවිධානාත්මක අපරාධ වැනි විවිධ අභියෝගයන්ට වඩා ඵලදායි ලෙස මුහුණ දීම සඳහා ශ්‍රී ලංකාවට උපකාරී වනු ඇත. ශ්‍රී ලංකාවේ සමුද්‍රීය ආරක්ෂාව සම්බන්ධයෙන් පවතින වර්තමාන අභියෝගයන් සැලකීමේදී මෙම ගුවන් යානය ශ්‍රී ලංකා ගුවන් හමුදාවට එක් කිරීම කාලීන පියවරකි.

4. සෙවීමේ සහ මුදවාගැනීමේ මෙහෙයුම් සිදු කිරීමට මෙම ගුවන් යානය සතු හැකියාව ජනතාවට එහි ඇති ඍජු ප්‍රතිලාභ මැනවින් පිළිඹිබු කරයි. ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් ලබා දුන් මෙම තිළිණය ඉන්දියානු සාගර කලාපයේ ආරක්ෂාව වෙනුවෙන් වඩා ඉහළ දායකත්වයක් ලබා දීමට ශ්‍රී ලංකාව සවිබල ගන්වනු ඇත. සමුද්‍රීය ආරක්ෂාව කොළඹ ආරක්ෂක පර්ෂදයේ ප්‍රධාන කුළුණක් ලෙස හඳුනාගෙන ඇත. මෙම ගුවන් යානය ශ්‍රී ලංකා ගුවන් හමුදාවට එක් කිරීම ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ ජනතාවගේ ප්‍රගතිය සහ සෞභාග්‍යය උදෙසා සාමකාමී පරිසරයක් නිර්මාණය කිරීමෙහි ලා ඉවහල් වනු ඇති බව මෙම අවස්ථාවේදී අදහස් දක්වමින් මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා අවධාරණය කළේය.

5. ඩෝනියර් ගුවන් යානය ශ්‍රී ලංකාවට තිළිණ කිරීම සමුද්‍රීය අසල්වැසි රාජ්‍යයන් ද්විත්වය අතර ආරක්ෂක අංශයේ පවතින සහයෝගීතාවය පිළිඹිබු කරයි. මෙවන් සහයෝගීතාවයන් ශ්‍රී ලංකාවට තවදුරටත් කුසලතාවයන් සහ ධාරිතාවයන් ලබා දීම අරමුණු කරගන්නා අතර කලාපයේ සැමට වර්ධනය සහ ආරක්ෂාව (SAGAR) යන දැක්ම හා සමපාත වේ.

***
ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය
කොළඹ
2022 අගෝස්තු 15

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා රේගු ඉතිහාසයේ මාසයකදී ලැබූ වැඩිම ආදායම රු.බි.235ක් ජූලි මාසයෙන්!

රෂිකා හෙන්නායක අගෝස්තු 16, කොළඹ LNW : පසුගිය ජූලි මාසයේදී...

කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට:වටිනාකම කෝටි 05ක්

රෂිකා හෙන්නායක අගෝස්තු 16, කොළඹ LNW : දිවයින පුරා ක්‍රියාත්මක...

බාල්දි පෙරලීමට පෙර සවන් දෙන්න: කාදිනල්තුමාට වතිකානුවෙන් උගනීමට පාඩමක්!

බාල්දි පෙරලීමට පෙර සවන් දෙන්න: කාදිනල්තුමාට වතිකානුවෙන් උගනීමට පාඩමක්!

‘USS Santa Barbara’කොළඹ වරායට..

රෂිකා හෙන්නායක අගෝස්තු 16 කොළඹ LNW: ‘USS Santa Barbara’...