රුසියාව විසින් යුරෝපයට ගෑස් සපයන ප්‍රධාන නල මාර්ගය Nord Stream 1 වසා දැමේ

Date:

රුසියානු රජය සතු බලශක්ති දැවැන්තයා වන Gazprom විසින් Nord Stream 1 නල මාර්ගයේ වසා දැමීම ඉදිරි දින තුන සඳහා පවතිනු ඇති බවට වාර්තා වේ.

Nord Stream 1 නල මාර්ගය ශාන්ත පීටර්ස්බර්ග් අසල රුසියානු වෙරළ තීරයේ සිට ඊසානදිග ජර්මනිය දක්වා බෝල්ටික් මුහුද යට කිලෝමීටර් 1,200 (සැතපුම් 745) විහිදේ. එය 2011 දී විවෘත කරන ලද අතර, රුසියාවේ සිට ජර්මනියට දිනකට ගෑස් ඝන මීටර් මිලියන 170 ක උපරිමයක් යැවිය හැකිය.



ජූලි මාසයේද රුසියාව විසින් මෙම ගෑස් නල මාර්ගය දින 10කට වසා දැමූ අතර ගෑස් සැපයුම 20%කින් අඩු කරන ලදි. මෙවරද හදිසි අලුත්වැඩියාවක් වෙනුවෙන් නල මාර්ගය වසා දමන බව රුසියානු රජය විසින් නිවේදනය කර තිබේ. බටහිර රටවලට එරෙහි යුද අවියක් ලෙස බලශක්ති සැපයුම් භාවිතා කළ බවට රුසියාවට කරන චෝදනා ඔවුන් විසින් ප්‍රතික්ෂප කර ඇති අතර පසුගිය වසර තුල දැනටමත් තියුනු ලෙස ඉහල ගොස් ඇති ගෑස් මිල තවදුරටත් ඉහල දැමීමේ උත්සාහයක් ලෙස රුසියාව විසින් සැපයුම නැවැත්වීම දීර්ඝ කරනු ඇතැයි යුරෝපීය නායකයෝ බිය වන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.

එහෙත් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ ප්‍රකාශකයෙකු මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කර තිබුණේ බටහිර සම්බාධක රුසියානු යටිතල ව්‍යුහයට හානි කිරීමෙන් ඇති වන තාක්ෂණික ගැටලු හේතුවෙන් රුසියාව නල මාර්ගයෙන් ගෑස් සැපයීම අත්හිටවූ බවයි.

කෙසේ නමුත් පසුගියදා BBC විසින් වාර්තා කර තිබුණේ ෆින්ලන්ත දේශසීමාව අසල කම්හලක රුසියාව දිනකට ඇස්තමේන්තුගත ඩොලර් මිලියන 10 (පවුම් මිලියන 8.4) වටිනා ගෑස් පුළුස්සා දමන බවයි.

සශිකලා මධුෂාණී_අවුට්බවුන්ඩ් ටුඩේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මේ ව්‍යසනය ආර්ථිකයට දාරගන්න බෑ. ආධාර අත්‍යවශ්‍යයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණය හේතුවෙන් ඇතිවූ ව්‍යසනකාරී තත්ත්වය රටේ...

බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටු වාර්තාව( දෙසැම්බර් 01 දින රාත්‍රිය වන විට)

🛑 වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 84 🛑තුවාලකරුවන් සංඛ්‍යාව 22 🛑අතුරුදහන්...

හිටපු අමාත්‍ය සී. බී. අල්ලස් කොමිසමට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 02, කොළඹ LNW : හිටපු අමාත්‍ය සී....

ආපදා තත්ත්වය පිළිබඳ නවතම වාර්තාව මෙන්න!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW: අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සිදුව තිබෙන...