*
Thursday, September 19, 2024
spot_img

Latest Posts

ආර්ථික අර්බුදයෙන් ආර්ථික සංවර්ධනයට යාම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල

දැනට ශ්‍රි ලංකාවේ සාමාන්‍ය මිල මට්ටමේ ඉහළ යාම හෙවත් උද්ධමනය 70% කට පමණ ආසන්න වේ. එය අධි උද්ධමන තත්ත්වයක් වන අතර, මෙම තත්ත්වය පාලනය කිරිම සඳහා ක්‍රමවත් වැඩපිළිවෙලක අවශ්‍යතාවය ආර්ථික අර්බුදය හමුවේ වුවද සැලසුම් කළ යුතුය. රටේ පවතින විදේශ විනිමය හිඟය කලමණාකරණය කර ගැනීම සඳහා රජයේ දිගු කාලීන මෙන්ම කෙටිකාලීන ක්‍රියාමාර්ග අවශ්‍ය වන අතර වර්තමානයේ පවතින අධි උද්ධමනය හමුවේ ජනතාවගේ ක්‍රයශක්තිය හීන වීම නිසා සහ ශ්‍රී ලංකාවේ පවතින ඉල්ලුම කළමණාකරණය කරගැනීම සඳහා නැතහොත් ජනතාවගේ පරිභෝජනය කල් දැමීම සඳහා පොලී අනුපාතිකය විශාල වශයෙන් ඉහළ දැමීමක් සිදු කර ඇත. මෙවැනි තත්ත්වයක් යටතේ රටේ ආර්ථික වර්ධනය සංකෝචනය වීමක් හෙවත් හැකිලීමක් විශාල වශයෙන් සිදු වන අතර ඒ තුළින් මහජන අපේක්ෂාවන් තවදුරටත් නැතිභංගස්ථාන වී යයි.

ශ්‍රී ලංකාවේ දළ ජාතික නිෂ්පාදනයෙන් හා ආර්ථික වර්ධනයෙන් 75%කට වඩා වැඩි දායකත්වයක් ලබා දෙනු ලබන්නේ මෙරට පෞද්ගලික අංශයයි. මේ බව තේරුම් ගත් පසුගිය රජය විසින් රටේ පොලී අනුපාතිකය අවශ්‍ය ප්‍රමාණයටත් වඩා පහළ මට්ටමක පවත්වා ගැනීම තුළින් අපේක්ෂා කරනු ලැබුවේ රටේ ආර්ථික සංවර්ධනයට විශාල වශයෙන් පෞද්ගලික අංශය දායක කර ගැනීම සඳහාය. කෙසේ වුවද මෙම ලාභ මුදල් වලින්  තිරසර සංවර්ධනයකට ප්‍රමාණවත් දායකත්වයක් ලබා දීමක් සිදු වී නොමැති බවත්, හතු පිපෙන්නාක් මෙන් ආරම්භ වු ඇතැම් ව්‍යාපාර අර්බුද හමුවේ කල්පැවැත්මක් නොමැතිව අවසන් කිරීමට සිදු විය. එබැවින් එම පැවති තත්ත්වය පිළිබඳ මාගේ පෞද්ගලික මතය වනුයේ, පොලී අනුපාතය අවශ්‍ය ප්‍රමාණයට වඩා අඩු මට්ටමක පවත්වා නොගනිමින් තිරසර සංවර්ධනයට දායකත්වයක් ලබා දිය හැකි පෞද්ගලික අංශයේ ආයෝජන වලට මුල්‍ය පහසුකම් ලබා ගත හැකි වන පරිදි පොලී අනුපාතය මධ්‍යස්ථ මට්ටමක පවත්වා ගැනීම තුළින් පෞද්ගලික අංශය තුළින් තිරසර සංවර්ධනයට දායකත්වයක් ලබා දිය හැකි බවයි.

වර්තමානයේ බැංකු පොලී අනුපාතය ඉහළ මට්ටමක පවතින බැවින්, පෞද්ගලික අංශයේ තිරසර සංවර්ධනයට දායකත්වය දිය හැකි ආයෝජකයන්ට ප්‍රාග්ධන පහසුකම් ලබා ගෙන ව්‍යාපාර කිරීමට අපහසු වී ඇත්තේ ඉහළ පිරිවැයක් ඒ සඳහා දැරීම නිසාය. මෙහි ප්‍රතිඵලය වන්නේ ආර්ථික ක්‍රියාකාරකම් සංකෝචනය හෙවත් හැකිලීම තුළින් ආදායම් උත්පාදනය මෙන්ම රැකියා උත්පාදනයක්ද භාණ්ඩ නිෂ්පාදනයේ තවදුරටත් අඩුවක් සිදු වීම තුළින් භාණ්ඩ හිඟයන් නිර්මාණය වීම මත සහ ආනයන සඳහා පවතින ඉල්ලුම  වැඩිවීම කරණකොටගෙන ආර්ථිකය නැවතත් උද්ධමනයට මෙන්ම විදේශ විනිමය අර්බුදයකට මෙය දිගුකාලීන වශයෙන් තල්ලු විය හැකි බවයි.

එබැවින් මෙම තත්ත්වයන් සැලකිල්ලට ගෙන රටේ පවතින ඉහළ පොලී අනුපාතිකයන් මධ්‍යස්ථ මට්ටමකට ගෙන ඒමත්, එහි විශේෂිත ආර්ථික සංවර්ධනයට දායක විය හැකි ව්‍යවසායකයන් දිරිමත් කිරීමේ විශේෂිත වැඩපිළවෙලක් නැතහොත් ප්‍රමුඛතාවයක් ලබා දීමේ අවශ්‍යතාවය මතුව පවතී.

රටේ ආර්ථික සංවර්ධනය ඇති කිරීමේදී ආදායම් හා ධන උත්පාදනය මෙන්ම රැකියා උත්පාදනය තුළින් රටේ ආර්ථික සංවර්ධනයට දිගුකාලීන වශයෙන් දායක වීම සඳහා පොලී අනුපාතය යම් මධ්‍යස්ථ මට්ටමකට ගෙන ඒමත්, ඉතිරිකිරීම් කරන අත්‍යවශ්‍ය සහන සැපයිය යුතු ප්‍රජාව සඳහා ඉහළ පොලී අනුපාතිකයක් ප්‍රදානය කිරීම සඳහා විශේෂිත වැඩිපිළිවෙලක අවශ්‍යතාවය මතුව පවතී. රටේ දියුණුවීමේ හා සංවර්ධනය වීමේ තත්ත්වය නිරූපනය කරන එක් දර්ශකයක් වන්නේ වර්ෂයක් වැනි කාලපරිච්ජේදයේ ඇති වු නව ව්‍යාපාර මෙන්ම බිහි වු නව රැකියා පිළිබඳ සේවක අර්ථසාධන අරමුදල් හා සේවක භාරකාර අරමුදල් දත්ත මගින් නිරූපණය වේ.

එබැවින් වර්තමානයේ මහබැංකු අධිපතිවරයා සහ මුල්‍ය මණ්ඩලය විසින් ගෙන ඇති පොලී මට්ටම ඉහළ යාම තුළින් පරිභෝජනය කල් දමා ගැනීම විදේශ විනිමය අර්බුදය කෙටිකාලීනව කල්දැමීමක් වුවද, මෙම තත්ත්වය දිගින් දිගටම පවත්වා ගැනීම තුළින්, ආර්ථික කටයුතුවල බරපතල සංකෝචනයක් ඇති වීම තුළින් ආර්ථික සංවර්ධනයේ අරමුණ ඉටු නොවන අතර, දිගුකාලීන වශයෙන් තවදුරටත් ආර්ථිකයේ හැකිලීම රට අවදානම් ත්ත්ත්වයකට පත්වීමට මඟපාදනු ඇත. එබැවින් මෙම කරුණු සැලකිල්ලට ගෙන පොලී අනුපාතය මධ්‍යස්ථ මට්ටමකට ගෙන ඒමත්, ආර්ථික ප්‍රගතිය උදෙසා ක්‍රියා කිරීමටත්, අවශ්‍ය බව පැහැදිළිව පෙනී යන කරුණකි.

ආචාර්ය ශේෂා බණ්ඩාර

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan