*
Wednesday, May 1, 2024
spot_img

Latest Posts

මේ රජය ලැජ්ජා විය යුතුයි. රජය කල යුතු සමීක්ෂණයක් UNDP එක කරලා – විපක්ෂ නායක සජිත් (VIDEO)

මෙරට වර්තමානයේ අවදාමට ලක් වූ ජනතාව සම්බන්ධයෙන් විධිමත් සමීක්ෂණයක් වර්තමාන රජය හා ජනසංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සිදු කළ යුතු වුවත් ඔවුන් එවැන්නක්.සිදු කර නොමැති බවත් එහෙත් එවැනි සමීක්ෂණයක් එක්සත් ජාතින්ගේ UNDP සංවිධානය හා ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සිදු කර ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

නිසි සමීක්ෂණයකින් තොරව සමාජ ආරක්ෂණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ නොහැකි බවත් වත්මන් රජය අස්වැසුම වැනි වැඩසටහන් පවා ක්‍රියාත්මක කරන්නේ එවැනි විධිමත් සමීක්ෂණයකින් තොරව බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

මෙි නිසා සමාජය තුල මහා අවුල් ජාලයක් නිර්මාණය වී ඇති බවත් සවිබල නොවූ ජනතාව තුළ.වාද භේද පවා ඇතිව තිබෙන බවත් ඒ නිසා සමාජය තුළ අවුල් ජාලා ඇති වී රට කෑලි කැලිවලට බෙදන අවුල් ජාලාවක් බවට අස්වැසුම වැඩසටහන පත්ව ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියෙ අද (31) එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන හා ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය විසින් අප රට සම්බන්ධයෙන් සිදු කරන ලද Understanding Multidimensional Vulnerability Impact on People of Sri Lanka සමීක්ෂණ වාර්තාව විපක්ෂ නායකවරයාට බාර දිමට එම සමීක්ෂණය සිදු කළ පුද්ගලයන් පැමිණි අවස්ථාවේ දීය.

එහි දී විපක්ෂ නායකවරයා කියා සිටියෙ දරිද්‍රතාවයට විසදුමක් ලෙස අස්වැසුම වැඩසටහන ක්‍රියාත්මක වුවත් ඉන් පැහැදිලි විසදුමක් ලැබී නොමැති බවත් ඒ නිසා රට තුල බෙදිමක් ඇතිව තිබෙන බවත් ය.

එසෙම මේ බංකොලොත් රටෙි රජය විසින් හොරකම දූෂණය සිදු කරන බවත් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා පවා රටට බාල බෙහෙත් ගෙන්වූ බවට පිලිගත් බවත් රජයේ මුදල් යොදවා බාල බෙහෙත් රටට ගෙන්වීමට කටයුතු කල පුද්ගලයන් හෙලිදරව් කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සෞඛ්‍ය ඇමතිවයාට විරුද්ධ විශ්වාසභංග යෝජනාව ගෙනඑන විට ජාතික ඖෂධ නියාමන අදිකාරියේ සභාපති කට ඇරි නමුත් මෙතෙක් කල් නිහඩ වී සිටියේ ඇයිදකියා විමසන බවත් පැහැදිලිවම ජනාධිපතිවරයා පුමුඛ රජය ඊට වගකිව යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ අවස්ථාවට එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහ⁣නේ නේවාසික නියෝජිත Ms Azusa Kubota, Dr Sabina Alkire( Director -Oxford Poverty and Human Development Initiative (OPHI), University of Oxford), සමාජ විද්‍යාව පිලිබද මහාචාර්ය සිරි හෙට්ටිගේ මහතා, Mr. Fadhil Bakeer Markar ( Team Leader, UNDP) සහ Ms. Tshokey Zangmo, Researcher, (OPHI) එක් විය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සංවර්ධන වැඩසටහනේ වැඩපිළිවෙළක් ලෙස බහුමාන අවදානම් දර්ශක හදුනා ගැනිමෙ වැඩසටහන අප රටට අත්‍යාවශ්‍ය වැඩපිළිවෙළක් බවත් වි⁣ශේෂයෙන් අප රටේ අවදානමට ලක් වී සිටින ණය බරින් පී⁣ඩිත ජනතාව ආබාදිත ජනතාව , කාලගුණ දේශගුණ විපර්යාස නිසා, අධ්‍යාපනයට ප්‍රවේශ වීමට නොහැකි ජනතාව, දුප්පත්කම නිසා අවදානමට ලක්වූ ජනතාව ආදී ජනතාව සම්බන්ධයෙන් නිවැරදි සමීක්ෂණයක් සිදු කර ඇති බවත් එය රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනයට යොදා ගත හැකි බවත් විපක්ෂ නායකවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan