හිටපු පළාත් සභා මන්ත්‍රී අමල් සිල්වා ඇතුළු සැකකරුවන් 12 දෙනා 13 දක්වා රක්ෂිත බන්ධනාගාරයට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 02 , කොළඹ (LNW):

ක්ලබ් වසන්ත ඝාතනය සඳහා අත්අඩංගුවට ගත් හිටපු පළාත් සභා මන්ත්‍රී අමල් සිල්වා ඇතුළු සැකකරුවන් අද (02) දින කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබුණු අතර, 12 දෙනා මේ මස 13 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති බව සඳහන් වේ.

පසුගිය 29 වනදා ,සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් උදෑසන බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වන අමල් සිල්වා අත්අඩංගුවට ගෙන තිබුණු අතර, බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය මඟින් ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ එම ඝාතනය සිදුකිරීමට පැමිණි පිරිසට නවාතැන් පහසුකම් හා ආධාර අනුබලදීමේ චෝදනාව යටතේ ය.

ක්ල්බ් වසන්ත පසුගිය ජූලි මස 8 වනදා අතුරුගිරියේදී වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් පොලීසියට අවශ්‍යව සිටි වෙඩික්කරුවෙකු හා වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථය පැදවූ රියදුරා පානදුර කොට්ඨාස අපරාධ ඒකකය මඟින් පසුගිය 28 වනදා අත්අඩංගුවට ගත් බවද සඳහන් විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රඛිතගේ සහ චරිත්ගේ ඇප අවලංගු කිරීමේ පෙත්සම විභාගයට දින නියම වෙයි!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස සැලකෙන නඳුන් චින්තක වික්‍රමරත්න...

ජනක මහබෙල්ලනගේ ‘සංගායනා’: මිනිස් විජිතයක ක්ෂූද්‍ර සමාධිය

නාඳුනන්නකුගේ පිටුපස මිතුරෙකු සිටිය හැකිය. බැලූ බැල්මට පෙනෙන්නේ නාඳුනන්නා...

කොබෙයිගනේ පොලිස් ස්ථානයේදී සැකකරුවෙකු මියයාම: පොලිසියේ තිදෙනෙකුගේ වැඩ තහනම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : කොබෙයිගනේ පොලිස් ස්ථානයේ...