රෝමාන්තික ප්‍රේමයේ නෂ්ඨාවශේෂය ; දිරාපත්වන ටයිටැනික් නෞකාවේ නව ජයාරූප නිකුත් කෙරේ

Date:

සටහන : සශිකලා මධුෂාණි
සැප්තැම්බර් 02: ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : අත්ලාන්තික් ගැඹුරේ මීටර් 3800ක් පහළින් අඳුරෙන් වැසීයන රෝමාන්තික ප්‍රේමයේ නෂ්ඨාවශේෂය හෙවත් දිරපත්වන ටයිටැනික් නෞකාවේ සුන්බුන්හි නව ජයාරූප එකතුවක් මාධ්‍ය වෙත අනාවරණය කර තිබේ.

RMS Titanic Inc සමාගම විසින් පසුගිය ජූලි සහ අගෝස්තු මස කරන ලද මෙම ඡායාරූපවලින් පෙන්නුම් කරන්නේ රළ පහරට යටින් වසර 100කට වැඩි කාලයකට පසු සුන්බුන් වෙනස් වන ආකාරයයි.

1912 අප්‍රේල් මාසයේදී අයිස් කුට්ටියක ගැටීමෙන් නෞකාව ගිලී ගිය අතර එහි ප්‍රතිඵලයක් ලෙස ජීවිත 1500ක් අහිමි විය.

RMS Titanic Inc යනු Titanic නෞකාවේ ගැලවීමේ අයිතිය ඇති අතර, සුන්බුන් අඩවියෙන් භාණ්ඩ ඉවත් කිරීමට නීත්‍යානුකූලව අවසර දී ඇති එකම සමාගමයි. ඔවුන් විසින් මේ වන විට සොයාගැනීම් ලැයිස්තුගත කිරීම සඳහා දර්ශන පරෙස්සමින් සමාලෝචනය කරමින් සිටින අතර අවසානයේ සම්පූර්ණ සුන්බුන් අඩවියේ ඉතා සවිස්තරාත්මක ඩිජිටල් 3D ස්කෑන් නිර්මාණයක් ඉදිරියේදී සිදු කරනු ඇත.

මේ සම්බන්ධයෙන් ගවේෂණය සිදු කළ සමාගම වන RMS Titanic Inc හි එකතු කිරීමේ අධ්‍යක්ෂ ටොමසිනා රේ ප්‍රකාශ කර තිබුණේ, 1986 දී ඩයනා ඔෆ් වර්සයිල්ස් නමින් හැඳින්වෙන වසර 112 ක් පුරා කළු අඳුරේ සඟව ඇති ලෝකඩ ප්‍රතිමාවක් ප්‍රදර්ශනයට ඉදිරියේදී සුදානම් කරන බවත්, එය දිනපතා සිදුවන පිරිහීම පිළිබඳ තවත් මතක් කිරීමක් පමණික් වන බවත්, ටයිටැනික් එහි කොපමණ කාලයක් පවතිනු ඇත්ද අප නොදන්නා මුත් එය තත්‍ය ලොවට හෙළි කිරීමට සිය සමගම උත්සහ කරන බවත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (18) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයින ආශ්‍රිතව අඩු පීඩන කලාපය තව...

මර්වින්ට එරෙහි නඩු විභාගය ඇරඹේ. තමන් නිවැරදිකරු බව මර්වින් කියයි

සටහන - රුවන් නෙළුගොල්ල 2010 වසරේ මාර්තු මස 31 වනදා...

මීටියාගොඩ වෙඩිතැබීමක්. කාන්තාවක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල මීටියාගොඩ, කිරලගහවෙල හන්දියේ පිහිටි අවන්හලක් අසල...

නැඟි එන්නන් අතර ශ්‍රී ලංකාවේ පළමු ජය වාර්තා වෙයි.

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: නැඟී එන ආසියානු තරගාවලියේ...