හොර ඔප්පු නඩුව : පැමිණිල්ලේ නීතීඥයාට විරුද්ධව අපි ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිලි කරනවා – ඇමති වසන්ත

Date:

දෙහිවල ප්‍රදේශයේ ඉඩමක් සහ ගොඩනැගිල්ලකට ව්‍යාජ ඔප්පු සකස් කර බදු දී ඇතැයි තමන්ට, නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහට සහ කඩුවෙල නගරාධිපති රංජන් ජයලාල්ට එරෙහිව කර ඇති පැමිණිල්ල සම්පූර්ණ බොරුවක් බවත් හිටපු කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර ඇතුළු පිරිසකගේ කුමන්ත්‍රණයක් අනුව මෙම බොරු පැමිණිල්ල ගොනුකර ඇති බවත් වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.

එසේම තමන්ව අත්අඩංගුවට ගැනීමට අධිකරණය කිසිදු අවස්ථාවක නියෝග කර නොමැති බව පැවසූ අමාත්‍යවරයා අධිකරණයේ සිදුනොවූ දේවල් සිදුවූ බවට පවසන පැමිණිල්ලේ ජනාධිපති නීතීඥවරයාට එරෙහිව අගවිනිසුරුවරයා වෙත පැමිණිලි කිරීමට තමන් කටයුතු කරන බවයි සඳහන් කළේ.

“අපිත් 26 වෙනිදාට උසාවි ගිහින් කරුණු කියනවා. ඇයි ? අපි දැන් කට උත්තර දීලා තියෙනවා. අපි කට උත්තර දීපු නිසා අපට විරුද්ධව බොරු, අවලාද, උසාවියේ වෙච්චි නැති දේවල් කිය කියා මේ සමාජ මාධ්‍යවල එක එක ඒවා කියනවානෙ. අපි එදාට කියනවා, අපි නීතිපතිට මේකෙ කරුණු දක්වනවා, බොරු කියන නීතීඥයින්ට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිලි කරනවා අග්‍රවිනිශ්චයකාරවරයාට, උසාවියටත් අපහාසයට ලක්කරමින් ඔවුන් මේ කටයුතු කරන්නෙ”

ප්‍රශ්නය – දැන් එදාට අධිකරණයේ නඩුව පිළිබඳ උනන්දු වන අයට ගිහිල්ලා නරඹන්න හරි පුළුවන් නෙ. හැබැයි ඇමතිතුමා මගේ මූලික ප්‍රශ්නය වුණේ තවදුරටත් චෝදනා නොලත් ඉතාම පාරිශුද්ධ ව්‍යාපාරයක් වශයෙන් පෙනී ඉන්න පුළුවන්ද, ඔබ චෝදනා ලත් කෙනෙක්නෙ ?

“නෑනෙ … සැකකරුවෙක් නෙවෙයිනෙ”

ප්‍රශ්නය – ඔව් ඒක හරි, සැකකරුවෙක් නෙවෙයි. නමුත් ඔබතුමාලාත් ඒ කාලෙ ඔහොම චෝදනා කළානෙ ?

“නෑනෙ … අපි බොරු පැමිණිලි දාලා නෑ, චෝදනා කරලා නෑ. මේක බොරු පැමිණිල්ලක්. ව්‍යවස්ථාවත් අනුව බොරු එකක්. හොරට ලියාපදිංචි කරලා කම්කරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, මනුෂ නානායක්කාර, ඒ ආණ්ඩුවේ පිරිස එකතුවෙලා ගහපු දේශපාලන ගේම් එකක්. ඒක පත්තු කරගන්න බැරිවුණා. එකතැනක් මං ඔබට කියන්නම්, නීතිපතිවරයාට යවපු ෆයිල් එකේ ඩොකියුමන්ට් එක හංගන්න බැරිවුණා ඒගොල්ලන්ට. කම්කරු දෙපාර්තමේන්තුවේ අපේ යූනියන් ෆයිල් එකේ සමහර ඩොකියුමන්ට් මාරු කළා, ඒගොල්ලො මාරු කළාට නීතිපතිට යවපු ෆයිල් එකේ කම්කරු දෙපාර්තමේන්තුවේ ෆයිල් එකවත් හංගාගන්න බැරිවුණා, මොකද සමහරවිට ඒගොල්ලො කල්පනා කරන්න නැතිව ඇති එතන එක් තියෙනවා කියලා”

ප්‍රශ්නය – ඒ කියන්නෙ නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඔබට කිව්වා ?

“නෑ, නෑ … කම්කරු දෙපාර්තමේන්තුවේ තියෙනවා ෆයිල් එක”

ප්‍රශ්නය – මගේ ප්‍රශ්නය ඒක නෙවෙයි. කට උත්තර ඔබ දුන්නා කියන්නකො, හරි. තව දෙන්නෙක් ඉන්නවානෙ අහන්න, ඒ දෙන්නාගෙන් අහන්නත් කලින් නීතිපති දෙපාර්තමේන්තුවට යවලානෙ උපදෙස් ගන්න ?

“අපි දැන් අවසානයට අධිකරණය කිව්වාම කට උත්තර දෙන්න කියලා, අපි තුන්දෙනා ගිහින් කට උත්තර දෙනවා … ඒක තමයි මම ඔබට කිව්වෙ …”

ප්‍රශ්නය – ඊට කලිනුත් කියලා තියෙනවා කියලා බී වාර්තාවෙ තියෙනවානෙ ?

“කට උත්තර ගන්න ඕනෙ කිව්වාට අධිකරණය කොයිවෙලාවෙවත් වැරදිකරුවන් ලෙස හෝ මේ නඩුවේ චූදිතයින් ලෙස අපිව නම් කරලා නෑ”

ප්‍රශ්නය – සැකකරුවන් විදියට නම් කරලා නෑ, ඉතින් ඒක විමර්ශකයින් නෙ ඉල්ලන්නෙ සැකකරුවන් ලෙස නම් කරන්න කියලා. ඒක තමයි මගේ ප්‍රශ්නෙ. අනිත් අයගේ නඩුවලදී හරියට ලිපිලේඛන සියල්ල බලන්නත් කලින්ම විමර්ශකයින් ඒ ඉල්ලීම කරලා නම්කරාට ආණ්ඩුව කරන අයට එහෙම වෙන්නෙ නෑ ….

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බන්ධනාගාරයෙන් ඇසෙන කතා..

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 02, කොළඹ LNW: වැලිකඩ බන්ධනාගාර රෝහලේ නේවාසිකව...

05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල තව නොබෝ දිනකින්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 02, කොළඹ LNW: මෙම සතිය ඇතුළත ...

ජාතික ක්‍රීඩා උළෙලක් ඉවරයි – එච්චරයි

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 02, කොළඹ LNW: ජාතික ක්‍රීඩා උළෙලේ 49...

කෙහෙල්බද්දර පද්මේ තොරතුරු වමාරයි. හිටපු මැති ඇමතිවරුන්, පොලිස් ලොක්කන් රැසකගේ නම් එළියට ?

ඉන්දුනීසියාවේදී අත් අඩංගුවට ගෙන මෙරටට රැගෙන පැමිණි මන්දිනු පද්මසිරි...