ජනාධිපති ට්‍රම්ප්ට විරෝධය පළකරමින් දහස් ගණනක් කම්කරුවන් වීදි බසියි; ඇමරිකාව පුරා කම්කරු රැළි 1000කට අධික සංඛ්‍යාවක්

සටහන: සශිකලා මධුෂාණි

සැප්තැම්බර් මස 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනයට එරෙහිව එක්සත් ජනපදය පුරා කම්කරුවන් දහස් ගණනක් ඊයේ(01) විදී බසිමින් සිය විරෝධය පළකර තිබේ.

“කෝටිපතියන්ට වඩා කම්කරුවන්” යන බැනරය යටතේ සඳුදා ප්‍රාන්ත 50 පුරාම විරෝධතා 1,000 කට වැඩි ප්‍රමාණයක් සංවිධාය වී තිබුණු අතර විරෝධතාවයන්ට එක්වූ කම්කරුවන් සිය ඉල්ලීම් වශයෙන් ඉදිරිපත් කර තිබුණේ, ට්‍රම්ප් පරිපාලනය යටතේ ට්‍රම්ප් විසින් ජාතික ආරක්ෂක භටයින් සහ එක්සත් ජනපද ආගමන හා රේගු බලාත්මක කිරීමේ (ICE) අතිරේක නියෝජිතයන් රටතුල යෙදවීම, විරෝධතාකරුවන් ශක්තිමත් සේවක ආරක්ෂාව, පූර්ණ අරමුදල් සහිත පාසල්, සැමට සෞඛ්‍ය සේවා සහ නිවාස, සහ ආයතනික දූෂණය අවසන් කිරීම, ආන්තිකකරණය වූ ප්‍රජාවන්ට පහරදීම සහ ෆෙඩරල් සීමාව ඉක්මවා යාම ආදියයි.

නිව්යෝර්ක්හි, ට්‍රම්ප් කුළුණෙන් පිටත රැස්ව සිටි සිය ගණනක් ජනයා ට්‍රම්ප් ඉල්ලා අස්වන ලෙස ඉල්ලා සිටිමින් ජනාධිපතිවරයා ෆැසිස්ට්වාදියෙකු ලෙස හඳුනවා තිබිණ.

ඇමරිකා එක්සත් ජනපදයේ ෆෙඩරල් මට්ටමින් නියම කර ඇති අවම වැටුප පැයකට ඩොලර් 7.25ක් වන අතර වේටර් කාර්ය මණ්ඩලය අවම වැටුප ඩොලර් 2.13 ක් වන අතර, එය 1991 දී නියම කරන ලද අගයකි.සමහර ප්‍රාන්තවල අවම වැටුප් ඉහළ මට්ටමක පවතින අතර නිව්යෝර්ක් නගරයේ දැනට ඩොලර් 16.50 ක් වන අතර මෙම අගය බොහෝ විට ජීවන වැටුපට වඩා බෙහෙවින් අඩුය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Esna Holidays සමාගම John Keells Holdings වෙතින් Mackinnons Travels හිමිකර ගනී

Esna Holidays සමාගම John Keells Holdings වෙතින් Mackinnons Travels හිමිකර ගනී

නීතිවිරෝධී පිරමීඩ ආයතන 27ක් මහ බැංකුව විසින් හඳුනාගෙන නම් කෙරේ!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : ශ්‍රී ලංකා මහ...

2027 අයවැයෙන් සංවර්ධන වැඩසටහන් සඳහා රුපියල් බිලියන 2,000ක් වෙන් කිරීමට සැලසුම්!

කොළඹ LNW:දිළිඳුකම තුරන් කිරීමේ ජාතික වැඩසටහන වන ‘ප්‍රජා ශක්ති’...

ඉහළම පෙළේ රාජ්‍ය නිලධාරියෙක් විදෙස් රටකින් දේශපාලන රැකවරණ ඉල්ලලා ?

මෑතකදී යුරෝපා සංචාරයක නිරත වූ මෙරට ඉහළම පෙළේ රාජ්‍ය...