*
Sunday, May 19, 2024
spot_img

Latest Posts

දෙවන පොල් ත්‍රිකෝණය අද ඇරඹේ

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ජාත්‍යන්තර පොල් දිනය යෙදී ඇති දිනය අද දිනයේදී මෙරට දෙවන පොල් ත්‍රිකෝණය ලෙස උතුරු පොල් ත්‍රිකෝණය ඇරඹීම අද (02) පෙරවරුවේ යාපනය, පලෙයි ආදර්ශ පොල් උයනේ දී මන්නාරම, යාපනය හා මුලතිව්යා කරමින් ආරම්භ කර ඇත.

ශ්‍රී ලංකාවට විදේශ විනිමය ගෙන එන අපනයන වෙළෙඳපොළ තුළ දේශීය පොල් කර්මාන්තයට හිමිවන්නේ සුවිශේෂි ස්ථානයක් වන අතර , මෙරට භූමි ප්‍රමාණයෙන් 28%ක පමණ භූමි වපසරියක පොල් වගාව ව්‍යාප්තව පවතින අතර, 2022 වසරේ පොල් ගෙඩි බිලියන 3.2ක ඵලදාවක් ඉන් ලැබී ඇති බව පොල් අපනයන ආදායමේ පසුගිය දශකයක පෙන්වා දෙයි.

පොල් වගා කර ඇති භූමි ප්‍රමාණය අක්කර දසලක්ෂ අනූපන් දහස් නවසිය අසූ දෙකක් වන අතර, ඉන් සියයට 83ක් පමණ කුඩා පොල් වගාකරුවන් සතු ඉඩම් වන අතර, වතු වැවිලි ක්ෂේත්‍රයේ පොල් වගාව අක්කර 917,307කට සීමා වේ.

පොල් ඵලදාවෙන් තුනෙන් දෙකක්ම මෙරට පරිභෝජනය සඳහා වැයවන අතර, ඉතිරි ප්‍රමාණය යොදාගැනෙන්නේ පොල් කර්මාන්තය ආශ්‍රිත නිෂ්පාදනයන් වෙනුවෙනි. පොල් නිෂ්පාදන අපනයනයෙන් ශ්‍රී ලංකාව 2022 වසරේ දී අමෙරිකානු ඩොලර් මිලියන 817ක් උපයා තිබේ.

එය මෙරට සමස්ත අපනයන ආදායමෙන් සියයට 6.25 ක් බව සඳහන් වේ. මෙරට දළ දේශීය නිෂ්පාදිතයට තේ, රබර් සහ පොල් සියයට 1.6ක දායකත්වයක් දක්වද්දී පොල් නිෂ්පාදනයෙන් ඊට දැක්වූ දායකත්වය සියයට 0.9කි.

පොල් අපනයන ආදායම පසුගිය දශකයක කාලය තුළ කැපී පෙනෙන වර්ධනයක් අත්කරගෙන ඇති අතර, පොල් නිෂ්පාදන විවිධාංගීකරණය ද එහි දී දැකිය හැකියි. 2021 වසරට සාපේක්ෂව 2022 වසරේ දී පොල්මද නිෂ්පාදන, පොල්කටු, පොල් කොසු සහ අනෙකුත් නිමි නිෂ්පාදන අපනයනයෙන් ලබන ආදායම ඉහළ ගොස් ඇති බව සඳහන් වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan