සෑම ග්‍රාම නිලධාරී වසමකම ශාඛා සමිති පිහිටුවීම ආරම්භ කලා – නාමල් රාජපක්ෂ

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සැප්තැම්බර් 02 වැනිදා එනම් අද සිට දිවයිනේ සෑම ග්‍රාමසේවා වසමකම ශාඛා සමිති පිහිටුවීමේ වැඩපිළිවෙළ ආරම්භ කල බව ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

විශේෂයෙන් පසුගිය කාලයේම ආසන බල මණ්ඩල පවත්වමින් පක්ෂයේ ප්‍රතිසංවිධානය වැඩපිළිවෙළ තවදුරටත් ශක්තිමත් කිරීමට දායක වූ සියළු දෙනාටම ස්තුතිවන්ත වන බවද නාමල් රාජපක්ෂ පැවසීය.ගමෙන් බිහිවූ දේශපාලන පක්ෂයක් වන පොහොට්ටුව ගමේ දේශපාලනය ශක්තිමත් කරමින් ලංකාවේ සෑම අස්සක් මුල්ලක් නෑරම ශාඛා සමිති ආරම්භ කරන බවත් නාමල් රාජපක්ෂ පැවසීය.

ජනතාවාදී ආණ්ඩුවක් බිහිකරලීම සදහා කටයුතු ආරම්භ කරන බවත් වර්තමාන ආණ්ඩුවේ ප්‍රතිලාභයන් සෑම ජන කොටසකටම රැගෙන යාමට අවශ්‍ය ග්‍රාමීය නායකත්වය මේ තුලින් බිහිකරවීමට පක්ෂයක් ලෙස කටයුතු කරන බවත් ඉදිරියේදී පැවැත්වෙන ඕනෑම මැතිවරණයකට මුහුණ දෙමින් පොදු ජන පෙරමුණේ ප්‍රතිපත්ති ජනගත කිරීමට බලාපොරොත්තු වන බවත් නාමල් රාජපක්ෂ පැවසීය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...