ශ්‍රී ලංකා ඒ කණ්ඩායම දෙවන එක්දින තරගයත් ජය ගනියි

Date:

සටහන – නිශ්මං රණසිංහ
සැප්තැම්බර් 03, (LNW) කොළඹ :

ශ්‍රී ලංකා ඒ කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සංචාරයේ දෙවන එක් දින තරගයත් ලකුණු 39 න් ජය ගන්නට ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සමත් වුණා.ශ්‍රී ලංකා ඒ කණ්ඩායමේ නායක පසිඳු සූරියබණ්ඩාර කාසියේ වාසිය ලබා ගෙන පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.ඔවුන් පන්දුවාර 50 අවසානයේ කඩුලු 7 ට ලකුණු 270 ක් රැස් කරන්නට සමත් වුණා.


ලහිරු උදාර ලකුණු 86 ක් රැස් කරමින් ආරම්භක පිතිකරුවාගේ වගකීම මැනවින් ඉටු කරමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා වුණා.පන්දු 95 දී රැස් කළ එම ලකුණු ප්‍රමාණයට හයේ පහරක් සහ හතරේ පහර 11 ක් ඇතුළත් කරන්නටත් ලහිරුට හැකි වුණා.සහන් ආරච්චිගේ ද ලකුණු අතරට ලකුණු 52 ක් රැස් කළ අතර තුන් ඉරියව් ක්‍රීඩක චමිඳු වික්‍රමසිංහ යළිත් සාර්ථක ඉණිමක් දියත් කරමින් පන්දු 36 දී ලකුණු 48 ක් එකතු කළේ හයේ පහර 2 ක් සහ හයේ පහර 3 ක් සමඟයි.


පිළිතුරු ඉණිමට පිටියට පිවිසි දකුණු අප්‍රිකාවේ දෙවන කඩුල්ල ලකුණු 93 දී දැවී ගියේ 17 වන ඕවරයේදී යි.ඒ වන විට ඔවුන් ඉදිරියෙන් සිටියත් දුෂාන් හේමන්ත පන්දු යැවීමට පැමිණීමත් සමඟ සියල්ල වෙනස් වුණා.ඔහු වැඩිම ලකුණුලාභියා වූ දකුණු අප්‍රිකානු නායක මැතිව් බ්‍රිට්ෂ්කේ ද ලකුණු 74 ට දවා ගනිමින් පන්දු යැවීමෙන් කැපී පෙණුනා.දුෂාන් හේමන්තගේ බලපෑම පදනම් වුණු ශ්‍රී ලංකා පන්දු යැවීමේ බල ඇණිය දකුණු අප්‍රිකානු ඒ කණ්ඩායම ලකුණු 239 ට දවා ගනිද්දි දුෂාන් හේමන්ත ගේ කඩුලු පැස ලකුණු 48 ක් දී ලබා ගත් කඩුලු 5 න් පිරී තිබුණා.
ලකුණු පූවරුවට පිවිසෙන්න – https://es.pn/4ebtHb3

This image has an empty alt attribute; its file name is IMG-20240819-WA0055-1024x1024-15.webp

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සමන්ටත් ඩුබායි හී දී රිදී පදක්කමක්

නිශ්මං රණසිංහ පෙබරවාරි 13, කොළඹ LNW: ඩුබායි හී පැවත්වෙන ලෝක...

2026 බංග්ලාදේශ මැතිවරණය: BNP පක්ෂයේ ජයග්‍රහණය සහ නව රජය

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2024 වසරේ ඇති...

මහාචාර්ය තිස්ස විතාරණ අභාවප්‍රාප්ත වෙයි!

කොළඹ LNW:ලංකා සම සමාජ පක්ෂයේ නායක හිටපු අමාත්‍යවරයෙක් වූ...

හිටපු RMV නියෝජ්‍ය කොමසාරිස්වරියක් අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : මුදල් අමාත්‍යාංශයේ වෙළද...