සිරිපාලලා ශ්‍රීලනිප 73 වැනි සංවත්සරය රනිල්ගේ නායකත්වයෙන් සැමරීම මහත් ලැජ්ජාවක් – දයාසිරි

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

නිමල් සිරිපාල ද සිල්වා මහතා ඇතුළු පිරිසක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 73 වැනි සංවත්සරය රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් සැමරීමට කටයුතු කිරීම මහත් ලැජ්ජාවක් බව ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.

“පක්ෂය අද 73 වැනි සංවත්සරය එළඹෙනවිට අර්බුද ගණනාවකට මුහුණ දෙමින් තමයි අපි කටයුතු කරන්නෙ. පක්ෂයේ ව්‍යවස්ථාව කඩකරලා, ආණ්ඩුවේ බලය පාවිච්චි කරලා, පක්ෂය කෑලිවලට කඩපු පිරිසක් අද නිමල් සිරිපාල ද සිල්වා මහතා, දුමින්ද දිසානායක මහතා ඇතුළු පක්ෂයේ අනීතික ලෙස පත්වීම් ලබපු කීපදෙනෙක් විසින් සංවිධානය කරපු සංවත්සර උත්සවයක් යැයි කියාගන්නා එකක් තිබෙනවා. ඉතින් අපි ලැජ්ජා වෙනවා, කණගාටු වෙනවා සහ අපේ විරෝධය පළකරනවා විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 73 වැනි සංවත්සරය සමරන්න කටයුතු කිරීම ගැන අපට තියෙන්නෙ මහත් ලැජ්ජාවක් සහ විශාල වේදනාවක්”

දයාසිරි ජයසේක මහතා මේ බව පැවසුවේ ඊයේ (02) කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

This image has an empty alt attribute; its file name is IMG-20240819-WA0055-1024x1024-15.webp

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට මාස හයක සිර දඬුවමක් පැනවේ

සටහන: සශිකලා මධුෂාණිජුලි 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හිටපු අගමැතිනි ෂෙයික්...

ජපානයේ ටෝකාරා දූපත් සති දෙකක් තුළ භූමිකම්පා 900 කට මුහුණ දේ

සටහන: සශිකලා මධුෂාණිජුලි 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගිය සති දෙක...

මේ බොරුකාර, අකාර්යක්ෂම රජය දුන් පොරොන්දු ඉටු කරන්න බැරිව ජනතාව මංමුලාකරලා – විපක්ෂ නායක සජිත් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල දුර්වල, අකාර්යක්ෂම, බොරුකාර, රැවටිලිකාර වත්මන් රජයේ...

චරිත්ගෙන් නායකත්වයේ ඉණිමක්

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: ශ්‍රී ලංකාව ලකුණු 29...