ජනාධිපති වෙන්න නියමිත අනුර සහෝදරයා ප්‍රාඩෝ වල යන්නේ ආරක්ෂාව වෙනුවෙන් – හරිනි

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ආරක්ෂාව තම පක්ෂයට වැදගත් හෙයින් ඒ වෙනුවෙන් විවිධ වාහන භාවිතා කරන බවත් ඒ සඳහා වියදම පක්ෂයෙන් දරණ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රීනී, ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි.

ප්‍රශ්නය – චෝදනාවක් තියෙනවා අනුර දිසානායක මහතා ලොකු වාහනවල යනවා, V8 වල යනවා කියලා ?

“චෝදනා කරන්න පුළුවන් අයට විවිධ චෝදනා කරයි. අපි කියලා තියෙන්නෙ ජනතා මුදල් අවභාවිතා කරලා අපි කවුරුවත් මොනවත් කරලා නෑ. එතකොට අනුර සහෝදරයාගෙ ආරක්ෂාව අපට වැදගත්. අනුර සහෝදරයාගෙ ආරක්ෂාව මත අපි ගන්න සමහර තීන්දු තීරණ තියෙනවා. ඒ තීන්දු තීරණ කාටවත් රටේ ජනතාවට බරක් වෙලා නෑ. ඒක අපි දරාගන්න වියදමක්. අපි දරාගන්න බරක්. ඒකෙන් කාටවත් කිසිම හානියක් වෙන්නෙ නෑ. මේ රටේ ජනාධිපති වෙන්න නියමිත අනුර සහෝදරයාගෙ ආරක්ෂාව තහවුරු කරන එක අපට වැදගත්. ඒ වෙනුවෙන් අපි කළයුතු දේ අපි කරනවා”

හරිනි අමරසූරිය මහත්මිය මේ බව පැවසුවේ ඊයේ (02) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

This image has an empty alt attribute; its file name is IMG-20240819-WA0055-1024x1024-15.webp

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සඳළුතලයෙන් බිමට බැස්ස තානාපති සේවය! (VIDEO)

කොළඹ LNW:ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අශිකගා-තොචිගි හා අවට...

චමරිමය රැයක් වූ අසිරිමත් ක්‍රිකට් සම්මාන උළෙල

නිශ්මං රණසිංහ ජුනි 10, කොළඹ LNW: ක්‍රිකට් සම්මාන රාත්‍රියට පෙර...

‘සාගරිකා’ දුම්රිය අනතුර වැලකූ අයව ඇගයේ!

රෂිකා හෙන්නායක ජුනි 10, කොළඹ LNW : පසුගිය දා වෙරළබඩ...

ව්‍යාජ ගමන් බලපත්‍ර සමඟ ලාංකිකයන් පස් දෙනෙකු ඉන්දියාවේදී අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ජුනි 10, කොළඹ LNW : ශ්‍රී ලාංකිකයින් 05...