සජිත්ගෙන් තවත් සුපිරි වැඩක් – ලුණුගම්වෙහෙර දකුණු ඉවුර රොන්මඩ ඉවත්කිරීමට මූල්‍ය අනුග්‍රහය !

ලුණුගම්වෙහෙර දකුණු ඉවුර ගොවි ජනපදවලට ජලය සපයන ප්‍රධාන ඇලේ රොන්මඩ ඉවත් කිරීමේ ව්‍යාපෘතිය අද (03) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ ගොවි සංවිධාන එක්ව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට උත්සාහ කළත් එහි යන්ත්‍ර සූත්‍ර සඳහා ඉන්ධන සපයා ගැනීමට රුපියල් ලක්ෂ 25ක් වැනි විශාල මුදලක් වැයවන බැවින් ක්‍රියාත්මක කිරීමට නොහැකි වී තිබිණි.

මේ පිළිබඳව ගම්වාසීන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාව දැනුවත් කර ඇති අතර එම ඉන්ධන පිරිවැය සඳහා අවශ්‍ය මූල්‍ය අනුග්‍රහය සැපයීමට විපක්ෂ නායකවරයා කටයුතු කර ඇත.

ඒ අනුව අද (03) පෙරවරු 11.00 ට කුඩාගම්මාන 6, ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරය අසලදී මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට නියමිත ය.

මෙම ඇල මාර්ගයෙන් පෝෂණය වන කුඹුරු අක්කර සංඛ්‍යාව 4000 කි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාර්ලිමේන්තු පරිශ්‍රයේ ප්‍රධාන පිවිසුම අසල දැඩි පොලිස් ආරක්ෂාවක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22...

අප්‍රිකානු කුසලාන (AFCON) 2027 සුදුසුකම් ලැබීමේ වටය: අයිවරි කෝස්ට් සහ ඝානා ගැටුම

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : බටහිර අප්‍රිකානු පාපන්දු...

ඉදිරි නියඟ තත්ත්වයන්ට මුහුණ දීමට ජාත්‍යන්තර සහාය ලබා ගැනීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරයි..

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : අනාගතයේදී ඇතිවිය හැකි...

ගෝල් ෆේස් ළමා අපයෝජන සිද්ධිය: සැකකරු හඳුනා ගැනීමට පොලිසිය තොරතුරු විමසයි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : කොළඹ ගාලු මුවදොර...