හපීපු ලෙබ්බේ මුහම්මදු රිපාන් මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙයි.

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW :

හපීපු ලෙබ්බේ මුහම්මදු රිපාන් මහතා 10 වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු ලෙස ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඉදිරියේ අද (24) දිවුරුම් දුන්නේය.

කථානායකවරයා ඉදිරියේ දිවුරුම් දීමෙන් පසු ඒ මහතා පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ඉදිරියේ මන්ත්‍රී නාම ලේඛනයේ අත්සන් තැබීය.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරමින් ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ එම්. එස්. අබ්දුල් වාහිද් මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් ඇති වූ පුරප්පාඩුව සඳහා හපීපු ලෙබ්බේ මුහම්මදු රිපාන් මහතා මෙලෙස පත් කර තිබේ.

වෘත්තියෙන් නීතිඥවරයෙකු වන හපීපු ලෙබ්බේ මුහම්මදු රිපාන් මහතා මඩකලපුව, ඔට්ටමාවඩි මධ්‍ය මහා විද්‍යාලයෙන් සිය පාසල් අධ්‍යාපනය නිම කර ඇත. එමෙන්ම, ඒ මහතා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ කල්කුඩා ආසන සංවිධායක ලෙස කටයුතු කරමින් සිටියි.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය (SLMC) නියෝජනය කරන ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස හබීබ් රිෆාන් මහතා අද කථානායක ජගත් වික්‍රමරත්න මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීවරයට මුවා වූ දුදනෝ කිසිදා නොවෙති යහපත්:විජිත හිමිගේ කතා පුවත ලොවට කී කතාව!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 09, කොළඹ LNW : මෙල්බර්න් නුවර පිහිටි...

අද (09) දවසේ වැසි තත්වය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 09) දිනයේදී දිවයිනේ බොහෝ...

ජංගම ගිණුම – අගෝස්තු 2026

මාස හතරකට පසුව, 2026 අගෝස්තු මාසයේදී විදේශ අංශයේ ජංගම...

Quantum AI Limited එක්ක ගනුදෙනු එපා – සුරැකුම්පත් කොමිසම අනතුරු හඟවයි

Quantum AI Limited නමැති ආයතනය ශ්‍රී ලංකාව තුළ සුරැකුම්පත්...