විරේන් අද ඉන්දුනීසියා කිරුළට තරග වදියි

Date:

ඉන්දුනීසියාවේ පැවත්වෙන එක්ස්පෝරා ඉන්දුනීසියානු ජාත්‍යන්තර බැඩිමින්ටන් තරගාවලිය නියෝජනය කරන විරේන් නෙත්තසිංහ එම තරගාවලියේ පිරිමි අවසාන තරගය නියෝජනය කරන්නට සුදුසුකම් ලබා ඇත.ඔහු අතින් අවසාන පූර්ව තරගයේදී පරාජයට පත් වූයේ ඉන්දුනිසියාවේ ක්‍රිස්න අදි නුර්ගා ය.එහිදී විරේන් ලකුණු 17 – 21,21 – 7 ක් සහ 21 – 15 ක් ලෙස තරග වට 2 – 1 ලෙස ජය ලබා අවසාන තරගයට සුදුසුකම් ලැබා ගැනීමට සමත්විය.
අගෝස්තු 29 වන දා ඇරඹි මෙම තරගාවලියේදී මේ දක්වා විරේන් විසින් අවසාන පූර්ව තරගය දක්වා ක්‍රීඩකයින් පස් දෙනෙකු අභිබවා යන්නට සමත්ව ඇත.ලෝකයේ 98 වන ස්ථානයට ශ්‍රේණිගතව සිටින විරේන් අද අවසන් තරගයේදී ඉන්දුනීසියිවේ අල්වි ෆාරාන් සමඟ තරග වැදීමට නියමිතය.ඔහු ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල සිටින්නේ 103 වන තැනටය.නමුත් ශ්‍රි ලංකාවට වඩා පළල් ජාතික වැඩ පිළිවෙලක් සහිත රටක තරගකරුවන් ගැන අනාවැකි කීම ශ්‍රේණිගත ඉලක්කම් සළකා කළ නොහැක්කකි.


නමුත් තරගාවලියේ මේ වන විට මනා සංයමයකින් තරග පහක්ම ජයග්‍රහණය කර ඇති විරේන්ට මේ තරගය ජයගන්නට නොහැකි තරගයක් නොවනු ඇත.ශ්‍රි ලංකාවට ඓතිහාසික කීර්තියක් ගෙන දෙමින් මේ තරගයේ ජයග්‍රහණය ශ්‍රි ලංකාවට ගෙන දීමට අපි විරෙන්ට සුබ පතන්නෙමු!


මේ තරගාවලියට ඉදිරිපත් වූ රසිඳු හෙන්දහේවා තමන් මුහුණ දුන් පළමු තරගයේදීම ඉන්දියාවේ අලාප් මිශ්රා වෙතින් පරාජයට පත් විය.

සටහන – නිෂ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හරිනි ප්‍රමුඛ මාළිමාව යනු ජ.වි.පෙ. නසන ටර්මිනේටර්ලාද ?

ජ.වි.පෙ. යනු ප්‍රතිපත්තිමය දේශපාලනයක නිරතව සිටි පක්ෂයකි. (ඒ ප්‍රතිපත්‍ති...

පුදුමාකාර විදියට දුක්වීම ….

දඹානට ගිය ගමනෙදීආදි වාසීන් දැකලාආදි මදි යැයි කියානන්දනී වරුසවිතාන...

දවසේ උපුටා දැක්වීම: Google හි CEO සුන්දර් පිචායි ගෙන් ජීවිතයට ඔවදනක්! 

සටහන – පුලී ජනවාරි 23, කොළඹ (LNW): තාක්ෂණය ගොඩනඟන විට...

වජිරාගේ සහ දමයන්තිගේ ජයග්‍රහණය

නිශ්මං රණසිංහ ජනවාරි 23, කොළඹ LNW: වජිරා නෙත්තිකුමාර සහ දමයන්ති...