එදා මම එක්ක මේ කණ්ඩායම ආවා බය නැතුව භාරගන්න – ජනපති

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 04 , කොළඹ (LNW):

අසීරු තීරණ ගැනීම මඟින් රුපියල ශක්තිමත් කිරීමට හැකිවීම හරහා ආර්ථික අර්බුදය තාවකාලිකව විසඳීමට හැකියාවක් ලැබුණු බවත්, විධිමත් සැලැස්මකින් තොරව රටේ ආර්ථිකය ගොඩනැගීමට හැකියාවක් නොමැති බවත් ස්වාධින ජනාධිපති ධූර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

“එදා මම එක්ක මේ කණ්ඩායම ආවා බය නැතුව භාරගන්න. එක එක පක්ෂවලින් රැස්වුණා. අපි භාරගත්තා ආණ්ඩුව. ඉස්සරවෙලා රුපියල බේරගත්තා. අපිට අමාරු තීරණ ගන්න සිදුවුණා. 2023 ජීවත් වෙන්න, ජීවන බර වැඩියි. අපි කවුරුත් කියනවා ඒත් කරන්න දෙයක් තිබුණේ නැහැ. ඒ පියවර ගත්තේ නැතිනම් අපි මේ තත්ත්වයේ ඉන්නේ නැහැ. ග්‍රිසීයේ වගේ අපි ඉන්නේ. එතන ඉඳන් අපි රුපියල ශක්තිමත් කළා. ආර්ථිකය ශක්තිමත් කළා. 2023දී අපිට අස්වැසුම දෙන්න පුළුවන් වුණා සමෘද්ධිය වගේ තුන්ගුණයක්. 

දැන් බලන්න 2024දී අපි දීලා තියෙන සහනාධාර. මේක අපි ආරම්භ කරලා තියෙනවා. මෙතනින් අවසන් වෙන්නේ නැහැ. තවත් වැඩ කටයුතු කරන්න තියෙනවා. අපි තව තවත් ආර්ථිකය ශක්තිමත් කරනවා. දළ දේශීය නිෂ්පාදනය වැඩිකරනවා. ඒ නිසා රුපියල ශක්තිමත් වෙනවා. මම ඇවිල්ල තියෙන්නේ දැන් අපි ගත්ත පියවර අනාගතයට ගෙනියන්න. ඒක තහවුරු කරන්න. මේක අවුරුද්දකින් දෙකකින් කළා කියලා, තහවුරු වීමක් නැහැ. ආයම වැටෙන්න පුළුවන්. ඒ නිසා සැලැස්මක් තියෙනවා නම් විතරයි අපිට ඉදිරියට යන්න පුළුවන්”

ඇහැළියගොඩ ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: අද අපි මොරොක්කෝවට ආවේණික රසයක් සොයා යමු! – Moroccan Chicken Tagine with Apricots & Almonds

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/e-SB7YW2mBs සටහන – පුලී පෙබරවාරි...

බෝරා ප්‍රජාවේ නායක සහ ජනපති අතර හමුවක්

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන්...

ලෝක බලවතා ලෙස ක්‍රියා කිරීම ආරම්භ කරන ලෙස ප්‍රංශ ජනාධ්පතිවරයා යුරෝපයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...

රජයේ ඉහළ ආයතනවල මුල් බැසගත් ලොක්කන්ට වෙන්න යනදේ..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : අද (10) පැවැති...