ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවට නව අධ්‍යක්ෂක ජනරාල්වරියක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 04, කොළඹ LNW:

මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින්, ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂක ජනරාල් ලෙස කේ.එම්.ඩී.එස්.ඩී. කරුණාරත්න මහත්මිය පත් කිරීමට කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

කරුණාරත්න මහත්මිය එම දෙපාර්තමේන්තුවේ සේවය කරන ජ්‍යෙෂ්ඨතම අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරියයි.

දැනට ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස සේවය කරනු ලබන ඩී.ඩී.ජී.ඒ. සෙනෙවිරත්න මහත්මිය වයස අවුරුදු 60 සම්පූර්ණ වීම මත හෙට සිට රාජ්‍ය සේවයෙන් විශ්‍රාම යාමට නියමිත අතර, ඒ අනුව නව පත්වීම හෙට දිනයේ සිට ක්‍රියාත්මක වන බව වාර්තා වේ.