අධිකරණයේ උසස්වීම්!

උපාලි කොළඹගේ

කොළඹ LNW:මහේස්ත්‍රාත්වරුන් 17 කට මහඅධිකරණ විනිසුරුවරුන් වශයෙන් උසස්වීම් ලැබී තිබේ. නිලධාරී හිඟය නිසා අධිකරණ කටයුුතු ඉතා අමාරුවෙන් පවත්වා ගෙන යන මෙම අවස්ථාවේ මෙවැනි විශාල පිරිසකට එකවර උසස් වීම් දීම සැබවින්ම සතුටු විය යුතු තත්ත්වයකි. මෙය අධිකරණ සේවා කොමිසමේ රෙකමදාරුව මත ජනාධිපතිතුමා විසින් කරන ලද්දකැයි අපි සිතමු. කෙසේ වුවත් දූෂණයට, අල්ලසට එරෙහි වර්තමාන ආණ්ඩුවේ නොනිමි අරගලයේදී අධිකරණ කේෂ්ත්‍රයෙන් සිදුවිය යුතු කාර්ය භාරය ඉමහති. ඒ නිසා වෙන් ශක්තිමත් අධිකරණ පද්ධතියක් තිබිය යුතුය යන්න ගැන විවාදයක් නැත. මේ උසස් වීම් ලැබූ විනිසකරුවන් සුදුසුම අය යන්න පිළිබඳවද අපගේ දැනුමේ හැටියට ආරෝවක් නැත.

නමුත් පොඩි කොස්සක් ඇත. පොඩි වුණත් වැඩේ බරපතලය. ඒ මෙම උසස් වීම් දුන්නේ නිවැරදිම වෙලාවටද යන්නය. කෙතරම් නිවැරදි වුවත් තව කිසියම් නිශ්චිත කාල පරාසයක් ගත වී මෙම උසස් වීම් සිදු කළේ නම් කිසිවකුට ඇද කුද කියා උපහාස අපහාස සිදුකිරීමට නොහැක. එය අභිනවයෙන් උසස්වීම් ලැබූ නිලධාරීන්ටද හොඳය.

එය රනිල් වික්‍රමසිංහ මූලික නඩු විභාගයේදී ඔහුව රිමාන්ඩ් භාරයට පත් කළ නිලුපුලී ලංකාපුර මෙනවිය මෙම ලැයිස්තුවේ සිටීම ඇතමකුගේ විමසුමට නතු වීම වලකාගැනීමට ඉඩ තිබිණ. බොහෝ දෙනකුගේ කතා බහට හේතු වී ඇත්තේ ජනාධිපතිවරයා නැත්නම් මාලිමා ආණ්ඩුව මේ මගින් කිසියම් සංඥාවක් අධිකරණ කේෂ්ත්‍රයට මුදාහැර ඇද්ද යන්න පිළිබඳවය. එය හිතාමතා කළ දෙයක්ද ඉබේ සිදු වූවක්ද යන්නද නොදනිමු. කෙසේ වුවත් අපි කැමති තීන්දුවකට අපිත් කැමති යන්න නම් මේ තුළ ගැබ්ව ඇති බව නම් පැහැදිලිව පෙනේ.

මීට අදාළ නැතත් වර්තමාන ආණ්ඩුවේ සුපළිපන්නභාවය පිළිබඳව අතීත සිදුවීමක් මෙහිදී ගෙන හැර දැක් වීමට කැමැත්තෙමි. මේ ගැන මාධ්‍ය කේෂ්ත්‍රයේ දැඩි කතා බහට ලක්වූ බවද කිවයුතුය. එනම් හිටපු අගවිනිසුරුවරයකු විශ්‍රාම ගිය පසු ඔහුට අග්‍රගන්‍ය ජාත්‍යන්තර පත්වීමක් ලබා දීමය. එහි සැඟවුණු සංඥාව කුමක්ද? මේ මගින් සේවයේ යෙදී සිටින අධිකරණ නිලධාරීන් වෙත ලබා දෙන පණිවිඩය කුමක්ද? අපිට සැලකුවොත් අපිත් සලකනවා නොවේද? එම අවස්ථා වේදී අධිකරණ කේෂ්ත්‍රයේ බොහෝ දෙනකුගේ මතය වූයේ හිටපු අගවිනිසුරු ජයසූරිය මහතාට එම පත්වීම දුන්න එකත් වැරදියි ඔහු එය ගත්ත එකත් වැරදියි කියායි

මෙවැනි සිදුවීම්වලින් මාලිමා ආණ්ඩු වෙි සුපළිපන්නභාවය පිළිබඳව කිසියම් කුකුසක් ඇතිවීම වැළැක්වීමට නොහැක.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...