ට්‍රම්ප්ගේ ප්‍රකාශයට චීනයෙන් පිළිතුරු!

Date:

කොළඹ LNW:චීනය ඕනෑම රටක් සමග රාජ්‍යතාන්ත්‍රික සබඳතා වර්ධනය කිරීමෙන් කිසිවිටෙකත් තෙවන පාර්ශ්වයකට එරෙහි වීමක් අදහස් නොවන බව චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක ගුවෝ ජ්‍යාකුන් මහතා පවසනවා. ඔහු එසේ පැවසුවේ අද(4) බෙයිජිංහි පැවති මාධ්‍ය හමුවකදී. චීනය, රුසියාව සහ උතුරු කොරියාව එකට එක්ව කුමන්ත්‍රණ සිදු කරන බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් චීනයේ ප්‍රතිචාරය කුමක් දැයි වාර්තාකරුවෙකු කළ විමසීමකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැහැදිලි කළා.‍

චීනය අදාළ අනුස්මරණ උත්සවයට සහභාගී වන ලෙස විදේශීය අමුත්තන්ට ආරාධනා කළේ, ජපන් ආක්‍රමණයට එරෙහි චීන මහජන යුද්ධය සහ ලෝක ෆැසිස්ට් විරෝධී යුද්ධය ජයගැනීමේ 80 වන සංවත්සරය සැමරීම සඳහාත් සාමයට ලැදි රටවල් සහ ජනතාව සමඟ එක්ව ඉතිහාසය මතක තබා ගෙන දිවි පිදූවන් සිහිපත් කිරීමේ අරමුණිනි.

එමෙන්ම සාමය අගයමින් අනාගතය නිර්මාණය කිරීම වෙනුවෙන් බවත් එම චෝදනා බැහැර කරන බවත් ගුවෝ ජ්‍යාකුන් මහතා වැඩිදුරටත් සඳහන් කර ති‍බෙනවා.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නැගෙනහිර විශ්වවිද්‍යාලයේ සිසුන් 16ක් අත්අඩංගුවේ. 06ක් සිසුවියන්!

කොළඹ LNW:නැගෙනහිර විශ්වවිද්‍යාලයේ සිදුවූ බව කියන නවකවධ සිද්ධියක් සම්බන්ධයෙන්...

මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්ට එරෙහි නඩුවක් අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් !

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්, විශ්‍රාමික ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි...

හල්ලොලුවට අදත් ඇප නෑ!

කොළඹ LNW:ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන තුසිත හල්ලොලුව...

අධිකරණයේ උසස්වීම්!

උපාලි කොළඹගේ කොළඹ LNW:මහේස්ත්‍රාත්වරුන් 17 කට මහඅධිකරණ විනිසුරුවරුන් වශයෙන් උසස්වීම්...