යුද්ධෙට උඩින් හොඳම පිම්ම යුක්රේනයේ යරොස්ලාවාගෙන්

Date:

යුදමය වාතාවරණය විසින් පනවන ලද අනේක වධ බන්ධනයන්ට යටත්ව කැපවීමෙන් කරන ලද පුහුණුව හේතුවෙන් ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා සූරතාවලිය යටතේ සැප්තැම්බර් 2 දා සූරිච් හි පැවති තරගාවලියේ උස පැනීමේ ඉසව්ව ජයගත් යුක්රේනයේ යරොස්ලාවා මයුචික් මීටර් 2.05 ක දක්ෂතාවයක් දක්වමින් එම ඉසව්ව ජය ගන්නට සමත් වුණාය.එම උස මේ වසරේ උස පැනීමේ ක්‍රීඩිකාවක විසින් අභිබවා ගිය හොඳම උස ය.
යරොස්ලාවාට වයස අවුරුදු 21 සපිරෙන්නේද මේ මාසයේ (සැප්තැම්බර්) 19 වන දා ය.සාමාන්‍යයෙන් ක්‍රීඩිකාවකගේ හොඳම දක්ෂතාවයන් සළකද්දී වැඩිම දක්ෂතාවය දකින්නට ලැබෙන්නේ එළිමහන් ඉසව්වලදී වුවත් ඇය මීටර් 2.06 ක් දක්ෂතාවයක් ගෘහස්ත ඉසව්වකදී දක්වා ඇත.ඒ 2021 දී ස්ලොවේකියාවේ පැවති ගෘහස්ත තරගාවලියකදී ය.
මේ නිසා ඇයගේ වයස ද සැළකිල්ලට ගනිද්දි ඉදිරියේ දි උස පැනීමේ ඉසව්වේ කාන්තා ලෝක වාර්තාව වන බල්ගේරියාවේ ස්ටෙෆ්කා කොස්ටඩිනෝවා විසින් පිහිටුවා ඇති මීටර් 2.09 ක් වූ ලෝක වාර්තාවට සමීප විය හැකි මට්ටමේ සිටින්නිය යරොස්ලාවා ය.එය යරොස්ලාවා උපදින්නටත් වසර 11 ට පෙර 1987 දී පිහිටුවා ඇති වාර්තාවකි.එසේම ගෘහස්ථ වාර්තාව හිමිවන්නේ ස්වීඩනයේ කස්ජා බර්ග්ක්විස්ට් මිටර් 2.08 ක් පැන තබා තිබෙන වාර්තාවට යරොස්ලාවා ඉදිරියේදි වගකියනු ඇතැයි සිතිය හැකිය.
ඇය මීටර් 2.05 ක වාර්තාගත පිම්ම පනිද්ද ඇයට පිටුපසින සිටියේ ලෝක මලල ක්‍රීඩා සූරතාවලියේ යුරොස්ලෝවාට රිදී පදක්කම උරුම කළ ඕස්ට්‍රේලියාවේ එලිනොර් පැටර්සන්ය.ඇයට මෙම තරගයේදි වාර්තා කරන්නට හැකි වුණේ මීටර් 1.97 ක් පිම්මක් පමණි.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

CIDය කොළඹ ජාතික රෝහලේදී රනිල්ට ප්‍රතිකාර කළ වෛද්‍යවරුන්ගෙන් ප්‍රශ්න කරයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ජාතික රෝහලේදී හිටපු ජනාධිපති රනිල්...

අගමැති ඉවත් කරනවාද ? – ටිල්වින්ගෙන් සෘජු පිළිතුරක්

ජාතික ජන බලවේග ආණ්ඩුවේ වත්මන් අගමැති ධුරයේ වෙනසක් කිසිසේත්...

වැසි තත්වයේ වෙනසක් – අද (12) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 12) දිනයේදී උතුරු ,...

ජනේරුව හෙවත් අවසන හෝ ඇරඹුම

ළමැද්දට අත තියා හිත සොයනවැරැද්දට ස්නේහයම විසිකරනපුරුද්දට අත් අකුරු...