දුරකථන, රූපවාහිනී සේවා සහ අන්තර්ජාල ගාස්තුත් ඉහළට !

ස්ථාවර දුරකථන, ජංගම දුරකථන, චන්ද්‍රිකා රූපවාහිනී ගාස්තු සහ අන්තර්ජාල ගාස්තු හෙට (05) සිට ඉහළ දැමීමට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව දුරකථන සේවා සැපයුම්කරුවන්ට අවසර ලබාදී තිබේ.

ඒ, ඩොලරයේ අගය ඉහළ යාමට සාපේක්ෂව මෙහෙයුම් පිරියවැය ඉහළ යාම නිසා සේවා ගාස්තු වැඩිකරන ලෙසට දුරකථන සේවා සැපයුම්කරුවන් කරන ලද ඉල්ලීමක් අනුව ය.

ඒ අනුව, සඳුදා සිට ක්‍රියාත්මක වන පරිදි ස්ථාවර දුරකථන, ජංගම දුරකථන හා අන්තර්ජාල ගාස්තු 20% කින් ඉහළ නැංවෙනු ඇත.

එසේම, එදින සිට දුරකථන සේවා සමාගම් මගින් පවත්වාගෙන යන චන්ද්‍රිකා සහ කේබල් රූපවාහිනී සේවා සඳහා වන ගාස්තු 25% කින් ඉහළ දැමේ.

එමෙන්ම ඉහත සේවාවන් සඳහා පනවන VAT බදු ප්‍රතිශතය ද 3% කින් ඉහළ දමා ඇති අතර නව VAT බදු ප්‍රතිශතය 15%ක් වේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පිටු බාගයක පුවත්පත් දැන්වීමක් පළකරමින් ෆවුසි ප්‍රසිද්ධියේ ජනතාවගෙන් සමාව ඉල්ලයි

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රෙෂ්ඨාධිකරණ නියෝගයක් අනුව හිටපු අමාත්‍ය ඒ....

දැන් කොළ හැලෙන කාලෙ !

සුළඟ දෙන හාදුවලටලැජ්ජාවට රත් පැහැ විනැයි සිතුවටනෑ! ඒ අන්තිම...

ජනපති අනුර හදිසියේ පෞද්ගලික රෝහලකට ඇතුළත් කළ කතාව බොරුවක් – ජනාධිපති කාර්යාලය

සටහන - රුවන් නෙළුගොල්ල හදිසි අසනීප තත්වයක් හේතුවෙන් ජනාධිපති අනුර...