පාර්ලිමේන්තුව අල්ලන්න ආවාම කැන්ටිමෙන් තේ දෙන්නද කියන්නෙ ? – ජනපති රනිල් (VIDEO)

Date:

එදා අරගලකරුවන් විසින් පාර්ලිමේන්තුවත් අත්පත් කරගත්තේ නම් රටේ ප්‍රජාතන්ත්‍රවාදය එතැනින්ම අවසන් වීමට ඉඩ තිබුණු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

“නීතිය උල්ලංඝනය කළාම ඒ පිළිබඳ ක්‍රියාකරන්න ආයතන දෙකක් තියෙනවා. පළමුවෙන් ඒ ගැන සෝදිසි කරලා බලලා, ඒකට වගකිවයුතු කවුද කියලා හඳුනාගෙන, ඒ අයට විරුද්ධව නඩු දාන්න වුවමනා නම් රිමාන්ඩ් භාරයේ තියාගන්න එක පොලිසියේ කටයුත්තක්. ඒ පුද්ගලයින් නීතිය කැඩුවාද නැද්ද කියලා තීරණය කරන එක ස්වාධීන අධිකරණයකින් කරන්නෙ. ඉතින් මේ ආයතන දෙක නැතුව රටක් ක්‍රියාත්මක කරන්න බෑ.

මේ රටේ මාර්තු මාසෙදී තරුණයින් එකතුවෙලා අරගලයක් කියලා ව්‍යාපාරයක් ආරම්භ කළා ආණ්ඩුවකට විරුද්ධව. ඒ අය ප්‍රචණ්ඩත්වයෙන් තොරව සාමකාමීව උද්ඝෝෂණය ගෙනිච්චා. අවාසනාවකට මේ කණ්ඩායම ඉවත් කරලා ප්‍රචණ්ඩකාරීන් මේ ව්‍යාපාරය ජුනි මාසයේදී අරගත්තා. ඒ නිසා ජුලි මාසේ වෙනකොට ඒක කඩාවැටෙන්න තිබුණේ, දියවෙන්න තිබුණේ. ඒත් ඒ වෙනුවට, මේක ආරම්භ කරපු තරුණ තරුණියන් වෙනුවට ලංකාවේ එක එක කොන්වලින් කණ්ඩායම් ගෙනල්ලා එදා ආණ්ඩුව අඩපණ කරලා නැති කරන්න ක්‍රියාකළා. ඊට පසුව පාර්ලිමේන්තුවත් වටළන්න ක්‍රියා කළා. පාර්ලිමේන්තුව අල්ලා ගත්තා නම් විශේෂයෙන්ම මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය අවසන් වෙනවා. එහෙනම් මේක නීතියේ ආධිපත්‍යය උල්ලංඝනය කිරීමක්. මේක ජනතාවගේ සර්ව ජන ඡන්ද බලය නැති කිරීමක්.

පාර්ලිමේන්තුව වැටළුවා නම් අද මේ ප්‍රජාතන්ත්‍රවාදය නෑ. කවුද රට පාලනය කරන්නෙ කියලා අපි දන්නෙ නෑ. එහෙම බැරෑරුම් තත්වයකට ආවෙ. ඒ අවස්ථාවේදී පාර්ලිමේන්තුව ආරක්ෂා වුණේ මේ යුධ හමුදාවයි පොලිසියයි එය ආරක්ෂා කරන්න ක්‍රියා කරපු නිසා. සමහරු කියනවා ඒ ආව අයට හරියට සැලකුවෙ නෑ, ඒ අයව මර්දනය කළා කියලා. වෙන මොකක්ද කරන්නෙ ? පාර්ලිමේන්තුවේ කැන්ටිමෙන් එන අයට තේ කෝප්ප දෙන්නද ? දැන් මේකට සුදුහුණු ගාන එක වැඩක් නෑ. පොලිසියේ පරීක්ෂණවලින් ඒ ගැන දැනගනී. මම හිතන්නෙ ඊටපස්සෙ පාර්ලිමේන්තුවටත් මේ ගැන හොයාබලන්න වෙයි”

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ ඊයේ (03) පැවති ශ්‍රී ලංකා පොලිසියේ 156 වැනි සංවත්සර උත්සවය අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හොංකොංහි මහල් නිවාස සංකීර්ණයක ඇති වූ ගින්නක් හේතුවෙන් 44ක් මියගොස් 279ක් අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 27: ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : හොංකොංහි...

බදුල්ලේ නායයෑම්වලින් 4 දෙනෙකු මරුට. 9 දෙනෙකු අතුරුදන් !

සටහන - රුවන් නෙළුගොල්ල පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් බදුල්ල...

අද (27) සහ හෙට (28) අ.පො.ස. උසස් පෙළ විභාගය නොපැවැත්වේ !

සටහන - රුවන් නෙළුගොල්ල අද (27) සහ හෙට (28) අ.පො.ස....

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 200 ට වැඩි ඉතා තද වැසි – අද (27) කාලගුණ නිවේදනය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් පැවති අඩු...