මම අහන්නේ ජනතා විමුක්ති පෙරමුණ කියන වෙනස මොකද්ද ? දිලිත් අසයි

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 05 , කොළඹ (LNW):

තම කණ්ඩායම, රටේ ජනතාව සඳහා නව වැඩපිළිවෙලක් ඉදිරිපත් කර ඇති එකම කණ්ඩායම බව සර්වජන ජනාධිපති ධුර අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර පවසයි.

ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ඇති සියලු පක්ෂ සිය පැරණි ප්‍රතිපත්ති යළිත් වරක් ජනගත කිරීමට උත්සාහ දරමින් සිටින බව ඔහු පෙන්වා දෙයි. කොළඹ දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සර්වජන බලයේ ජනධිපති ධුර අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මේ බව සඳහන් කළේය.

“රට ඉල්ලා සිටිනවා අලුත් දෙයක්. ඒ වෙනුවෙන් අපි පෙනී සිටිනවා. වෙනස් දෙයක් වෙන කවුරුත් යෝජනා කරලා නෑ. අපේ උපායමාර්ගික වැඩපිළිවෙල තුළ වෙනස් දෙයක් යෝජනා කරලා තියෙනවා. මේ වෙනස් දේ දෙස වෙනස්ව බලන්නයි ලංකාවේ ආදරණීය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.”

ප්‍රශ්නය – වෙනසක් බලාපොරොත්තුව තමා NPP එක පිටුපස යන්නෙත්. ඔබ ඒ වෙනසට වෙනසක් දෙන්න ලෑස්තිද ?

"මම අහන්නේ ජනතා විමුක්ති පෙරමුණ කියන වෙනස මොකද්ද ? දැන් ඔය ප්‍රතිපත්ති ප්‍රකාශයේ නැත්නම් කොහේ ද ඔය වෙනස තියෙන්නේ ? අනුර කුමාරගේ කතාවේ නැත්නම් කොහේ ද ඔය වෙනස තියෙන්නේ. අර වේදිකාවේ කෑගහන්නේ පරණ විදියටම වෛරය වපුරවමින් නම්, ඔවුන් කිසිම උපාය මාර්ගයක් යෝජනා කරන්නෙත් නැත්නම්, ඔහු විටින් විට කියලා තියෙන විදියටම වැල් පාලමේ ඉතුරු ටික යන්න ඕනේ කියනවා නම්. ඔවුන් සමග සිටින ලාල්කාන්ත, හරිනි, විජිත හේරත්, හඳුන්නනෙත්ති සියලුදෙනාම කතා කරන්නේ පරණ වැඩේම වෙනත් විදියට ඊටත් වැඩිය ද්වේෂයක් එක්ක කරන්න නම් කොහොම ද මිනිස්සු විශ්වාසය තියන්නේ."

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/3D3OJCqM0NQ සටහන – පුලී පෙබරවාරි...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...